මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ජනපති හමු වෙයි

    ජූලි 06, 2023

    නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

    එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 19වන ගුවන් හමුදාපතිවරයා ලෙස පසුගියදා පත්වීම් ලැබිය.

    ධූරයට පත්වීමෙන් පසු නව ගුවන් හමුදාපතිවරයා සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා හමු වූ අතර ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
    මේ අතර නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද හමු වී කෙටි පිළිසඳරක නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya