මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණය හේතුවෙන් විදුලි බිඳ වැටීම් 14,000කට වැඩි සංඛ්‍යාවක්- විදුලිබල අමාත්‍ය

    ජූලි 06, 2023

    ඊයේ (05) දින ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් විදුලි බිඳ වැටීම් 14,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන බවත් එම බිඳවැටීම් විදුලි බල මණ්ඩලය විසින් යථා තත්ත්වයට පත් කරමින් සිටින බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    විදුලි බිඳ වැටීම් හේතුවෙන් පාරිභෝගිකයන් 50,000කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී තිබෙනවා. විදුලි බල මණ්ඩලය විසින් විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා යැයි ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුව දැනුවත් කළේ ය.

    පුනර්ජනනීය බලශක්තිය ලබාගැනීම වෙනුවෙන් 2023-26 සැලසුම එළිදක්වා තිබෙන බවත් ඒ අනුව ඉලක්ක ලබාදී තිබෙන බවත් විදුලි බල මණ්ඩලයත් ශුනිත්‍ය බලශක්ති අධිකාරිය අවශ්‍ය අවසර පත්‍ර ලබාදෙමින් ප්‍රගතිය විමර්ශනය කරමින් අවශ්‍ය තීරණ ගනිමින් සිටින බවත් නිසි ක්‍රමවේද භාවිතා කරමින් කටයුතු සිදු කර තිබෙන බවත් තවමත් මිල ගණන් එකඟතාවක් පල වී නොමැති බවද අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya