මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන පොහොර නැවට වගකිව යුතු පුද්ගලයන් කමිටුවෙන් නිශ්චිතව හඳුනාගතහොත් ඔවුන්ට එරෙහිව නඩු- කෘෂි ඇමති

    ජූලි 06, 2023

    චීන පොහොර නැව සම්බන්ධව විඝණන වාර්තාවේ නිර්දේශවලට අනුව ඒ සම්බන්ධව සොයබැලීමට පත් කරන කමිටුවෙන් නිශ්චිතව වගකිව යුතු පාර්ශව හඳුනාගතහොත් ඒ අයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය

    කාබනික පොහොර මෙක්ට්‍රික් ටොන් අනූ හයදහසක ප්‍රසම්පාදනය සම්බන්ධව වගකිව යුත්තන් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් කටයුතු ආරම්භ කර ඇත.

    වී වගාවට අවශ්‍ය ත්‍රිත්ව පොස්පේට් නොමිලේ ලබාදීමට පියවර ගෙන තිබේ. යූරියා පොහොර මිලදි ගැනීමට වවුචර්පතක් ලබාදී තිබේ. වී ගොවීන් සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි සපයා ඇත.

    වී මිලදී ගැනීම පිළිබඳව ගැටළුවක් තිබුණා. මහ කන්නයේ වී මිලදී ගැනීම සිදු වුණේ,කෘෂි කර්ම අමාත්‍යාංශයේ මැදිහත්වීම මත නොවේ. යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහනක් තිබෙනවා. කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා, බැංකුවෙන් ණය මුදලක් ලබාගන්න. වී මිලදී ගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා. චීන පොහොර නැව සම්බන්ධව නම් නිශ්චිතව සඳහන් කර නෑ. විඝණන වාර්තාවේ තිබෙන්නේ මෙයට නඩු පවරන්න කියලා. අධිකරණ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළා. විශ්‍රාමලත් විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කරන්න කටයුතු කරන්නේ. කමිටුවෙන් නිශ්චිතව වගකිව යුතු පාර්ශව හඳුනාගතහොත් ඒ අයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ඉතා පැහැදිළිව සඳහන් කරන බව අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya