මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිශ්චිත ප්‍රතිපත්තියක් දැනගෙන වඩා සාධනීය ලෙස ඇත්ත පමණක් ජනතාවට පවසමින් කටයුතු කිරීමේ හැකියාව වර්තමාන ජනාධිපතිවරයාට තිබෙනවා - අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    ජූලි 06, 2023

    රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකත්වය, ජනාධිපතිධුරය නොදැරුවේ නම් වර්තමානයේ පවත්වාගෙන යන ආකාරයටවත් රට පවත්වාගෙන යාම කළ නොහැකි බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට්
    මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    අවාසනාවකට පෙර පැවති රජයන් විසින් මෙරට මුල්‍ය කළමනාකරණ පනත විටින් විට සංශෝධනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කිසිඳු ආකාරයක ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් අද වන විට මෙරට උද්ගත වී ඇති බව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.


    වෙන ඕනෑම නායකයෙකු ජනාධිපතිධුරයට පත් වුවේ නම් අවිධිමත් සියලු දේ සඳහා ප්‍රතිචාර දැක්වීමට යාම නිසා මෙරට සම්පුර්ණ වැඩපිළිවෙල අගාධයට යන බවත්, එසේ නොක‍ර නිශ්චිත වැඩපිළිවෙලක් ප්‍රතිපත්තියක් අරමුණක් දැනගෙන ඒ සඳහා වඩා සාධනීය ලෙස ඇත්ත පමණක් ජනතාවට පවසමින් කටයුතු කිරීමේ හැකියාව වර්තමාන ජනාධිපතිවරයාට තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya