මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම අත්‍යාවශ්‍යයි- විදේශ කටයුතු අමාත්‍ය

    ජූලි 06, 2023

    අධිකරණ ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම අත්‍යාවශ්‍ය බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය විසින් ගෙන එන යෝජනාව අනුව 'උසාවිවල අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු' පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව පැවසීය.

    සිව් වැදෑරුම් ප්‍රතිපත්ති මගින් මෙරට අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට පියවර ගත් බවත්, යටිතල පහසුකම් සංවර්ධනය , ඩිජිටල්කරණය, විනිසුරුවරුන් පත්කිරීම සහ සිවිල්, වාණිජ සහ අපරාධ නීතියේ ප්‍රතිසංස්කරණ කිරීමට එම සිව් වැදෑරුම් ප්‍රතිපත්තියෙන් බලාපොරොත්තු වූ බවත් හෙතෙම පැවසීය.

    එදා ගත් එම තීරණ හේතුවෙන් නීති කිහිපයක් සංශෝධනය කර තිබේ. එමෙන්ම නව නීති සංශෝධන 80ක් පමණ ක්‍රියාත්මක කිරීමට අදාල කටයුතු දැන් සිදු කෙරෙන බවද අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ,

    රටක් වශයෙන් ඉදිරියට යාමට නම් අපනයනය පාදක කර ගත් ආර්ථිකයක් ගොඩ නගා ගත යුතුයි. ඒ සඳහා විදේශ ආයෝජයන් මෙරටට ගෙන්වා ගත යුතුයි. එහිදී අධිකරණ ක්‍රියාදාමයේ යුහුසුළු බව අත්‍යාවශ්‍යයි. සමහර නඩු අවුරුදු 20/30 ප්‍රමාද වී තිබෙනවා.

    මෙම අලුත් නීති ඉක්මනට ගේන් ඕන.2021-2022 කාලයේ අධිකරණ ක්ෂේත්‍රෙය් ඩිජිටල්කරණය තුළ විශාල ප්‍ර බෝදයක් ඇති වුණා. නමුත් අද ක්‍රමයෙන් එය අඩු වෙලා.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya