මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාලක කලුවැව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරේ

    ජූනි 06, 2023

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නාලක කලුවැව මහතා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල් වරයා වශයෙන් (05දා) රාජ්‍ය පරිපාලාන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් පත්වීම් ලබා ගන්නා ලදි.

    පරිපාලන සේවයේ වසර 23 ක පළපුරුද්දක් ඇති ඒ මහතා මින් පෙර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරය මෙන්ම, ජනාධිපති අතිරේක ලේකම් ආදී තනතුරු රැසක් දරා අත්දැකීම් සම්භාරයක් සහිත නිලධාරියෙකි. රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණය පිළිබඳ ඕස්ට්‍රේලියාවේ කැන්බරා හා කොළඹ විශ්ව විද්‍යාලයන්හි පශ්චාත් උපාධිදරයකු වන කලුවැව මහතා 2000 වසරේ දී රාජ්‍ය සේවයට එක්වන ලදි.

    පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අමාත්‍යංශ ලේකම් රංජිත් අශෝක මහතා ද එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya