මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිනමා කර්මාන්තයේ සහ රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය පිණිස ස්වාධීන නියාමන ආයතනයක්

    ජූනි 06, 2023

    සිනමා කර්මාන්තයේ සහ රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය පිණිස අවශ්‍ය පහසුකම් සැලසීමට හා මග පෙන්වීමට හැකි වන පරිදි ස්වාධීන නියාමන ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අද(06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


    මේ වන විට චිත්‍රපට කර්මාන්තය ගැටලු රැසකට මුහුණ දෙමින් දැඩි පසුබෑමකට ලක් වී ඇති අතර කර්මාන්තය නැවත නගා සිටුවීම සඳහා නියාමන කාර්යයෙහි නියැළෙන ස්වාදීන ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.සිනමා හා රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා ස්වාධීන නියාමන ආයතනයක් ස්ථාපිත කිරීම දේශීය සිනමාවේ අභිවෘද්ධිය සඳහා 1971 අංක 47 දරන රාජ්‍ය චිත්‍රපට සංස්ථා පනත යටතේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කරන ලද අතර 1980 වර්ෂයේදී එය ජාතික චිත්‍රපට සංස්ථාව ලෙස නම් කරන ලදී. එසේම, රූපවාහිනී කර්මාන්තයේ ප්‍රගමනය උදෙසා අවශ්‍ය මග පෙන්වීම සඳහාද එම කර්මාන්තය නියාමනය කිරීම පිණිස ස්වාධීන ආයතනයක් පැවතීමේ යෝග්‍යතාව පෙනී ගොස් තිබේ. ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වීතිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya