මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල පහළට- කැබිනට් අනුමැතිය

    ජූනි 06, 2023

    ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල ජුනි මස 15 දින සිට බලාත්මක වන පරිදි 16%කින් අඩු කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    තවද සෑම මාස තුනකට වරක්ම ඖෂධ මිල සමාලෝචනය කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ පිහිටුවා ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ඖෂධ වල මිල නියම කිරීම හා සම්බන්ධ සියලු කාරණා සඳහා නියාමක ලෙස කටයුතු කරනු ලබයි. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂ්ව රුපියල අවප්‍රමාණය වීම සැලකිල්ලට ගනිමින්, ඖෂධ වල උපරිම සිල්ලර මිල අවස්ථා කිහිපයකදී 97% ක් දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අනුමැතිය ලබා දී ඇත. රජය අනුගමනය කරන වර්තමාන ආර්ථික ස්ථායීකරණ වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ඇමෙරිකානු ඩොලරය සැළකිය යුතු මට්ටමකින් අඩු වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya