මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අග්ග මහා පණ්ඩිත ආචාර්ය හේනේපොළ ගුණරතන නාහිමි පිළිබඳ සමරු මුද්දරය අද නිකුත් කරයි

    ජූනි 04, 2023

    උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අග්ග මහා පණ්ඩිත ආචාර්ය හේනේපොළ ගුණරතන නාහිමියන්ගේ ශාසනික සහ අධ්‍යාපනික සේවාවන් ඇගයීම වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ජුනි මස 4 වැනි දින පස්වරු 4.00ට හෝමාගම පිටිපන හරිත සරසවියේදී සිදු කිරීමට නියමිත බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (02) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    මුද්දර නිකුත් කිරීමට බලය තිබෙන එකම දෙපාර්තමේන්තුව තැපැල් දෙපාර්තමේන්තුව බව පැවසූ ඒ මහතා වසරකට සමරු මුද්දර 35ක් නිකුත් කෙරෙන බවත් පැවසීය.මේ සඳහා යෝජනාවලි ලබා ගැනීමට පුවත්පත් දැන්වීම් පළ කරන බව පැවසූ ඒ මහතා විවිධ තේමාවන් යටතේ මෙලෙස සමරු මුද්දර නිකුත් කෙරෙන බව පෙන්වා දුන්නේය.

    මුද්දර උපදේශක සභාවකින් තෝරා ගන්නා මෙම සමරු මුද්දර ජනාධිපතිවරයාගේ අනුමැතියට යටත්ව නිකුත් කෙරෙන බවත් ඒ මහතා පැවසීය.

    සමරු මුද්දර එක් වරක් පමණක් මුද්‍රණය කෙරෙන බව පැවසූ ඒ සහතා හේනෙපොල ගුණරතන නාහිමියන් වෙනුවෙන් සමරු මුද්දර ලක්ෂ තුනක් මුද්‍රණය කෙරෙන බවත් එම මුද්දර දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවලින් ජනතාවට මිලදී ගැනීමට හැකි බවත් නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේය.

    මෙම මුද්දරයක වටිනාකම රුපියල් 50ක් වන අතර චිත්‍ර නිර්මාණය සිදු කර ඇත්තේ චිත්‍ර ශිල්පි ඉසුරු චතුරංග මහතා වන අතර එහි මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සිදු කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya