මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් උත්සවය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිවා රෑ සේවයේ – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති  

    ජූනි 04, 2023

    පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂයෙන් දිවයින පුරා පිහිටුවා ඇති පොසොන් කලාප ආශ්‍රිතව පළාත් පාලන ආයතන සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමග ඒකාබද්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිවා රෑ සේවයේ යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

    රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් ) ඔහු මේ බව සඳහන් කළේය.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණෙන බැතිමතුන්ගේ මූලික සනීපාරක්ෂක අවශ්‍යතා ලබාදීම සම්බන්ධව අධීක්ෂණය කිරීම සහ පහසුකම් සැලසීම සිදුකරන බවද එමෙන්ම කසළ කළමනාකරණ කටයුතු, බැතිමතුන් සහ අනෙකුත් පිරිස් සඳහා ආහාර ලබාදෙන ආහාර පරිහරණ ආයතන සියල්ල පරීක්ෂා කිරීම්, උපදෙස් ලබාදීම් සහ උල්ලංඝණය කිරීම් වලට අදාලව නීතිමය කටයුතු සිදුකරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

    පොසොන් උත්සවය සඳහා අද වන විට දිවයින පුරා දන්සල් 17,180ක් ලියාපදිංචි වී ඇතැයිද, මෙම දන්සල් 17,180න් වැඩිම දන්සල් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවද, දෙවනුව වැඩිම දන්සල් ප්‍රමාණය උතුරුමැද, වයඹ සහ නැගෙනහිර ප්‍රදේශ වලින් වාර්තා වන බවද ඔහු සඳහන් කළේය.

    මෙම සියලුම දන්සල් අද වන විට පූර්ව පරීක්ෂාවන්ට ලක්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද හෙට සහ අනිද්දා ලියාපදිංචි වූ සහ නොවූ සියලුම දන්සල් පරීක්ෂා කර මහජනතාවට සුරක්ෂිත ආහාර ලබාදීම සඳහා දන්සල් ලබාදෙන බැතිමතුන්ට අවශ්‍ය සහාය ලබාදීමටද බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

    පොසොන් කලාප ආශ්‍රිතව ආහාර හෝ සනීපාරක්ෂක පහසුකම් සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතී නම් අදාල ස්ථානයන්හි පිහිටුවා ඇති සෞඛ්‍ය කාර්යාල වලට දැනුවත් කර අවශ්‍ය උපදෙස් සහ ගැටලු විසඳාගැනීමේ හැකියාව ඇතැයිද සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya