මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යූරියා පොහොර මිටියක මිල පහළට- යූරියා පොහොර මෙට්‍රික් ටොන් 31,500ක පොහොර නැවක් ළඟදී දිවයිනට

    ජූනි 01, 2023

    රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවිකරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල ජුනි මස 15 වැනි දින සිට රු.9000 දක්වා අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    යූරියා පොහොර අඩුකිරීම පිළිබඳව අද (31) පැවති සාකච්ඡාවකදී මෙම තීර්ණය ගෙන තිබේ.

    එසේම ජුනි මස 10- 12 අතර දිනයක මෙරටට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 31,500ක පොහොර නැවක් පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

    ඒ අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසියත්, ලෝක වෙළඳපොළේ යූරියා පොහොර මිල අඩුවීමේ වාසියත් ගොවීන්ට ලබා දීම සඳහාමෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    පසුගිය යල කන්නය වනවිට පුද්ගලික අංශය රු.42,000කට අලෙවි කළ යූරියා පොහොර මිටියක් මේ වනවිට රු.11,000 දක්වා මිල පහත දමා තිබේ. මීටහේතුව වූයේ රජය යූරියා පොහොර මිටියක් රු.10,000 දක්වා අවම මිලක් යටතේ ගොවීන්ට ලබා දීමට පියවර ගැනීමය.

    මේ අතර, පසුගිය මහ කන්නයේ රු. 19,500කට අලෙවි කළ බණ්ඩි පොහොර මිටියක මිල රජය මෙම යල කන්නයේදී රු. 15,000ක් දක්වා රු.4500කින් පහත හෙළ තිබේ.

    රජය මෙම සියලු සහන සලසනු ලබන්නේ ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අඩු කිරීමේ පරමාර්ථයෙන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාඑම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya