මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ගේ ආරක්‍ෂාව සඳහා සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවීමට සැලසුම්

    මැයි 21, 2023

    මෑතකදී අවාසනාවන්ත ලෙස යෞවනයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් වාර්තා වූ නීති විරෝධී සිදුවීම් සම්බන්දයෙන් අවධානය යොමු කරමින් ,විශේෂයෙන්ම දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ‘සමාජ බුද්ධි ඒකකයක්’ පිහිටුවීමට සැලසුම් කර ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටියේය.

    අපගේ අනාගත පරපුරේ ආරක්‍ෂිත පියවරක් ලෙස සියලුම පාසල්වල සහයෝගය ඇතිව "සමාජ බුද්ධි ඒකකයක්" පිහිටුවීමට අදහස් කර ඇති බවත් එය තවමත් මූලික මට්ටමේ සාකච්ඡාවන්හි ඇති බවත් ඔහු කියා සිටියේය.

    පසුගිය 18 දා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම අදහස් පළ කළේය.

    පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ පාසල් ශිෂ්‍යභට උපදේශකවරුන් අමතමින් ජාතික ශිෂ්‍යභට බලකායට ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ කාලීන අවශ්‍යතාවය මෙන්ම දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වලට වලටද එය පුළුල් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.


    දිවයින සංක්‍රාන්ති කාලපරිච්ඡේදයකට මුහුණ දෙමින් සිටින අතර , රටෙහි සමස්ත පද්ධතියම අඩපණ කිරීමට තුඩු දුන් කරුණු කෙරෙහි අවදානය යොමු කල යුතු අතර රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය වැඩි කිරීමට මෙන්ම පවතින ක්‍රමයෙහි ගුණාත්මක වෙනසක් සිදු කල යුතු බව අවධාරණය කළේය.


    නව උපාධිධාරීන් ඔවුන්ගේ පෞරුෂය, ප්‍රායෝගිකත්වය, දැනුම සහ නායකත්ව ගුණාංග වර්ධනය කර ගැනීමේ වැදගත් කම පෙන්වා දෙමින් සියලු ක්ෂේත්‍රයන්හි කාලීන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ඔහු නැවතත් අවධාරණය කළේය.


    පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ අධ්‍යක්‍ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මහතාගේ ආරාධනයෙන් පොලිස් පුහුණු කොට්ඨාශයට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයාට විද්‍යාලයේ දීර්ඝ කාලීන සම්ප්‍රදායන්ට අනුකූලව ගෞරව සම්මාන මුරයක් පිරිනමා උත්සවාකාරයෙන් පිළිගන්නා ලදී.


    සංචාරය අතරතුර ඔහු පරිපාලන සංකීර්ණය සහ නව ශ්‍රවණාගාරය නිරීක්‍ෂණයට එක් වූ අතර එහිදී පාසල් ශිෂ්‍යභට උපදේශකවරුන් විශාල පිරිසක් අමතන ලදී.


    එම අවස්ථාව සනිටුහන් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා විසින් විද්‍යාල භුමියේ රුක් රෝපණය කිරීමක් සිදු කල අතර එතුමා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීමක්ද මෙහිදී සිදු විය.
    විද්‍යාලය ආරම්භයේ සිට මේවන තෙක් ජාතිය වෙනුවෙන් කළ මෙහෙවර අගය කරමින් අනාගත පරපුරට සුරක්‍ෂිත අනාගතයක් සැකසීමට සාමූහිකව කටයුතු කරන සියලු පොලිස් නිලධාරීන්ගෙන් රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා ඉල්ලා සිටියේය.


    මෙම අවස්ථාවට ජාතික ශිෂ්‍යභට බළකායේහි අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.එස්. ෆොන්සේකා, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, පොලිස් කැඩෙට් නිලධාරීන් ,උපදේශකවරුන් සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya