මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියානු රජයේ ආධාර සහ සහයෝගය මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනයට

    මැයි 20, 2023

    ඉන්දියානු රජයේ ආධාර සහ සහයෝගය මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචන කිරීමේ සාකච්ඡාවක් ඊයේ (19) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් අතර පැවැත්විණි.

    ඩොලර් මිලියන 100ක ණය ආධාර මත ක්‍රියාත්මක කිරීමට යෝජිත වහලය මත සවිකරන සූර්යබල උත්පාදන ව්‍යාපෘතිය, මෙගා වොට් 130ක සාම්පුර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය, ඉන්දු-ලංකා විදුලිබල පද්ධති ජාලගතකිරීම සම්බන්ධකිරීමේ ව්‍යාපෘති සහ ස්වභාවික ද්‍රව වායු සැපයුම ශා ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සැලසීමේ කටයුතු පිළිබඳව ඇති අවබෝධතා ගිවිසුම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

    මේ අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන්ද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya