මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු රෝගීන් 35283ක් - ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩි පිරිසක්

    මැයි 20, 2023

    බස්නාහිර පළාත ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයකින් මේ වන විට ඩෙංගු රෝගීන් 35283ක් වාර්තා වන බවත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩි පිරිසක් වාර්තා වන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    මැයි මස පළමු වැනි දින සිට 19 වැනි දින දක්වා කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 5575ක් වාර්තා වන බවත් පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලසීමාවට සාපේක්ෂව මෙම වසරේ එම කාලසීමාවේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් ඇති බවත් පවතින වර්ෂා සහිත කාලගුණික තත්වය මෙම වැඩිවීමට බලපෑ හැකි බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


    එසේම මැයි මාසයේ දිනකට ඩෙංගු රෝගීන් 300 ත් 400ත් අතර ප්‍රමාණයක් වාර්තා වන අතර මෝසම් වර්ෂාව සක්‍රිය වන ඉදිරි කාලයේදී ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවත් ඒ මහතා පෙන්වා දේ.ඩෙංගු රෝගය 2017 වර්ෂයේ වසංගත තත්වයක් වාර්තා වූ බව පෙන්වා දෙන ඒ මහතා දැනට වසංගත තත්වයක් දක්වා වර්ධනය වී නොමැති බවත් එසේ සැළකෙන්නේ රෝහල් පද්ධතියට දැරිය නොහැකි මට්ටමෙන් රෝගීන් දිනකට වාර්තාවන්නේ නම් පමණක් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


    දින දෙකකට වඩා උණ රෝගය පවතින්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙතින් පරීක්ෂා කර වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් සම්පූර්ණ රුධීර පරීක්ෂාවකින් (Fඹ්C)ඩෙංගු රෝගය ආසාදනය වී ඇතිද යන්න හඳුනා ගත හැකි බවත් පවසන ඒ මහතා පළමු රුධීර පරීක්ෂාවෙන් හඳුනා නොගත්තද කිහිප වාරයක් සිදු කරන විට ඩෙංගු රෝගය ආසාදනය වී තිබිය හැකි බවත් පෙන්වා දේ.එබැවින් වෛද්‍ය පරීක්ෂණ වාර්තා නොපමාව වෛද්‍යවරයකුට පෙන්වා නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.


    රජයේ රෝහල්වලට ඇතුළත් කර ගන්නා රෝගීන්ගේ මෙම රුධිර වාර්තා රෝහලේ රසායනාගාරයෙන් සිදු කෙරෙන බවත් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළීතුරු ලබා දෙමින් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.බාහිර රෝගී අංශයෙන් හඳුනා ගන්නා ඩෙංගු ආසාදිත රෝගියා රෝහලට ඇතුළත් කෙරෙන අතර එම රෝගීන්ගේ රුධීර පරීක්ෂණ බාහිර රසායානගාර මගින් සිදු නොකරන බවත් ඒ මහතා අවධාරණය කළේය.
    එසේම ධූමායනය ඉතා සුපරීක්ෂාකාරීව සිදු කළ යුතු බව පෙන්වා දෙන ආරියරත්න මහතා වැඩිපුර භාවිත කිරීමෙන් එම ධූමායනට ප්‍රතිරෝධයක් ඇති කර ගැනීමට මෙම මදුරු විශේෂයට හැකියාව පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත්තේ රෝගීන් විශාල පිරිසක් වාර්තා වන ප්‍රදේශ සඳහා ධූමායනය යොදා ගන්නා ලෙසට බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya