මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ රාජ්‍ය ආයතන සභාපතිවරු හයදෙනෙක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

    මැයි 19, 2023

    අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ තවත් පත් කිරීම් කිහිපයක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.

    ඒ අනුව, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස යමුනා පෙරේරා මහත්මියගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

    එසේම, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර මහතාගේ පත්වීමද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කළ බව ජයතිලක මහතා පැවසීය.

    එයට අමතරව, මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දුන් බව සහකාර මහ ලේකම්වරයා සඳහන් කළේය.

    තවද ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතාගේ පත්වීමටද, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස රත්නසිරි කලුපහන මහතාගේ පත්වීමටද, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සභාපතිවරයා ලෙස ඉංජිනේරු ඒ. ගල්කැටිය මහතාගේ පත්වීමටද, ප්‍රසිද්ධ රැගුම්පාලක මණ්ඩලයේ සභාපතිවරිය ලෙස ස්ටෙලා මාරපන මහත්මියගේ පත්වීමටද, ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස ජයන්ත විජේරත්න මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

    පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ජෝන් සෙනවිරත්න, (නීතිඥ) තලතා අතුකෝරළ, උදය ගම්මන්පිල, (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya