මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතෙහි සිදු කළ යුතු සංශෝධන සම්බන්ධ යෝජනා ලැබෙමින් තිබෙනවා - අධිකරණ ඇමති

    මැයි 16, 2023

    ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතෙහි සිදු කළ යුතු සංශෝධන සම්බන්ධයෝජනා , සිවිල් සංවිධාන හා විවිධ පාර්ශවවලින් ලැබෙමින් පවතින බවත් , සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර රටට අවශ්‍ය කරන පනත් කෙටුම්පත් සම්මත කිරීම  සිදු කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.


    ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කාර්යාංශයේ නියෝජ්‍ය සහකාර ලේකම් AFREEN AKHTER මහත්මිය සමග ඊයේ (15) අධිකරණ අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදි අමාත්‍යවරයා මේ බව පැවසීය.

    රජය  ගෙන ඒමට නියමිත නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධව නියෝජ්‍ය සහකාර ලේකම්වරිය අමාත්‍යවරයාගෙන් කරුණු විමසු අතර, එම පනත් කෙටුම්පතෙහි අන්තර්ගත කරුණු හා එය ගෙන ඒමට හේතු වු ජාතික සහ ජාත්‍යන්තර තත්වයන් පිළිබදව අධිකරණ අමාත්‍යවරයා එහිදී දීර්ඝව කරුණු පැහැදිලි කරන ලදී.
    ඊට අමතරව මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දුෂණ විරෝධි පනත පිළිබදව හා එය සම්මතවීම තුළින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ සිදු වන දුෂණ අක්‍රමිකතා අවම වන ආකාරය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
    දේශපාලන පක්ෂ සහ ඇතැම් සංවිධාන ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් සමාජ ගත කිරීම හේතුවෙන්  වඩාත් සුදුසු වන්නේ ප්‍රති ත්‍රස්ත පනත ද එසේ නොමැති නම් පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ද යන සංවාදය රට තුළ ගොඩ නැගී තිබෙන බව ද ඇමතිවරයා පැවසීය.
    ආරක්ෂ අංශ සතුව පැවති ඉඩම් යුදමය වාතාවරණයෙන් පසුව උතුරේ ජනතාවට යළිත් ලබාදීම පිළිබදව නියෝජ්‍ය සහකාර ලේකම්වරිය අමාත්‍යවයාගෙන් විමසු අතර එම ඉඩම්වලින් සීයයට අනුවකට වඩා වැඩි සංඛ්‍යාවක් ජනතාවට යළිත් ලබාදී ඇති බවත්, විවිධ හේතු නිසා නැවත ලබාදීමට නොහැකි වු ඉඩම් කඩිනමින් හිමිකරුවන්ට නැවත ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.
    ඉඩම් පිළිබද ගැටලුව උතුරු නැගෙනහිර පළාත්වලට පමණක් සීමාව වුවක් නොවන අතර ඒ පිළිබදව වඩා නිවැරදි තක්සේරුවකට පැමිණිම සදහා 1985 ට පෙර පැවති වනාන්තර ප්‍රමාණය කොපමණද යන්න අනාවරණය කර ගැනීම සදහා ඉඩම් අමාත්‍යාංශය සහ මිනින්දොරු දෙපාර්තමේන්තුව එක්ව ඉඩම් මැනීමේ කටයුතු කර ගෙන යන  බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ඒ අනුව සාමාන්‍ය ජනතාවට අයත් බිම් ප්‍රමාණයන් නිශ්චිතව හදුනා ගැනීමේ හැකියාව පවතින බව ද ඇමතිවරයා පැවසීය.
    දකුණු අප්‍රිකානු රජයේ සහාය ඇතිව සත්‍ය සෙවීමේ කොමිෂමක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති අතර ඒ තුළින් සියලු ජනතාව අතර සාමය හා සංහිදියාව තවදුරටත් තහවුරු වන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
    එසේම ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ සංවර්ධනය සදහා ඇමෙරිකා එක්සත් ජනපදය හා ජාත්‍යන්තර සංවර්ධනය සදහා වු එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ලබා දෙන සහාය අගය කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
    මෙම සාකච්ඡාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය හා ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya