මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යහගතකරණ ක්‍රියාවලිය කඩිනම් කල යුතුයි - කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

    මැයි 16, 2023

    රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලිය කඩිනම් කළ යුතු බවත්, රට පත් වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ හැකි ප්‍රධානම මාර්ගය මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය බව  ප්‍රවාහන මහාමාර්ග, හා ජනමාධ්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අද(16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ  බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,  රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යහගතකරණය කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික  ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට  ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි  වූ බවයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, අද රාජ්‍ය  ව්‍යවසාය බොහොමයක බර ජනතාවට දරා ගත නොහැකි වී  තිබෙන බවයි.

    මෙහෙයුම් වියදමවත් පියවා ගත නොහැකි ආයතන ප්‍රතිව්‍යහගත නොකළොත් එම ආයතන කඩා වැටෙනවා.  මෙම ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි. රට පත් වී තිබෙන තත්වයෙන් ගොඩ ආ හැකි ප්‍රධාන ම මාර්ගය ලෙස රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යහගත කිරීම සැළකෙනවා.ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිය  සඳහා  ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා.

    මෙමගින් බලාපොරොත්තු වන්නේ රටට බරක් නොවන, රාජ්‍ය ට බරක් නොවන  පරිදි අලාභ ලබන රාජ්‍ය ආයතන පරිවර්තනය කිරීමයි.ගුණාත්මක වශයෙන් ඉහල සේවයක් ලබා දෙමින් රාජ්‍ය ආයතන තරගකාරී ලෙස හැසිරවීමයි. ආයතනයක අවශ්‍ය සේවක පිරිසට වඩා වැඩි පිරිසක් හිටියොත් එම ආයතනයේ ඵලදායිතාව කඩා වැටෙනවා. එම නිසා නිමවුම ඵලදායිතාව ඉහළ යන පරිදි සේවා නියුක්තිය ඇති කරනවා. එහිදී ඇතැම් ව්‍යාපාරවල සමහර අංශ වසා දමන්න සිද්ධ වෙයි. ඇතැම් ව්‍යාපාර වෙන්දේසි කරන්න වෙයි. මේ සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.එම කමිටුව  අවශ්‍ය තාක්ෂණික ඇගයීම් සිදු කර මේ සම්බන්ධයෙන් නිර්දේශ ලබා දෙනවා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විස්තර ලබා දෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya