මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය නසීර් අහමඩ් පත් වෙයි

    මැයි 16, 2023

    ශ්‍රී ලංකා - සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා තේරී පත් විය.

    ශ්‍රී ලංකා - සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්
    පසුගියදා (10) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලීඩ් බින් හමුද් බින් නසාර් අල් කහ්තානි (Khalid bin Hamoud bin Nasser Al – Qahtani) මහතා විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වූ අතර මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද එක්ව සිටියේය.

    අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීයරුන් වන  ජේ.සී අලවතුවල සහ එස්.එම්.එම් මුෂාරෆ් යන මහත්වරු උප සභාපතිවරුන් ලෙස මෙහිදී තේරී පත් වූහ.

    එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රිෂාඩ් බදියුදීන් මහතා ලේකම්වරයා ලෙස තේරී පත් විය. තවද ඉෂාක් රහුමාන් සහ විජිත හේරත් යන මන්ත්‍රීවරු පිළිවෙලින් සහකාර ලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු සදහා තේරී පත් විය.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙරට ජලය, බලශක්තිය, සෞඛ්‍ය, මාර්ග සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල විවිධ ව්‍යාපෘති 15කට අදාළව ඩොලර් මිලියන 425 කට ආසන්න සංවර්ධන ණය ප්‍රමාණයක් ලබා දීම සම්බන්ධව සිය සිය ස්තූතිය පළ කරන බවයි.

    එහිදී අදහස් දැක්වූ නව සභාපති පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බවයි. අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya