මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවාහන ක්ෂේත්‍රයේ කටයුතු කඩිනමින් ඩිජිටල්කරණය කරනවා - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

    මැයි 15, 2023

    මගී ජනතාවට වැඩි පහසුකම් සහිත ප්‍රවාහන සේවාවක් ලබා දීම වෙනුවෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස කවුරු කැමති වුනත් අකමැති වුනත් ප්‍රවාහන ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    එහිදී ලංගම ප්‍රවේශ පත්‍ර සහ දුම්රිය ප්‍රවේශ පත්‍ර QR ක්‍රම වේදයකට රුගෙන එන බවත් එමගින් ආදායම ඉහල යන බවත් පෙන්වා දුන්නේය. එමෙන්ම හැකි ඉක්මනින් ඩිජිටල් රියදුරු බලපත්‍රය මුද්‍රණය කර වැරදි කරන රියදුරන්ට ලකුණු ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවත් පැවසූ අමාත්‍යවරයා e- motoring ව්‍යාපෘතියද ඉතා කඩිනමින් හඳුන්වා දෙන බවත් ප්‍රකාශ කළේය. 

    බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ අනතුරු විමර්ශන නිලධාරීන් සඳහා අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාර්ග ආරක්ෂාව හා අනතුරු නිවාරණය පිළිබඳව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් සංවිධානය කළ වැඩමුළුවක් අමතමිනි. 

    අප නිදහසින් පසු ගමන්කර තියෙන විවිධ ක්ෂේත්‍රවල අවසානය දියුණුව හෝ පරාජය නිර්මාණය කරනු ලබන දළ ජාතික නිෂ්පාදනය සඳහා ප්‍රවාහන අංශය විශාල ලෙස දායක වී ඇති බවත් නිෂ්පාදනය, හුමවාරුව හා පරිභෝජනය යන අංශ තුන සඳහා නැතිවම බැරි දෙයක් ලෙස ප්‍රවාහන අංශය කටයුතු කරන බවත්  අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    දැරිය නොහැකි විශාල ණය බරක් සහිතව එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් දැරීමට පවා ප්‍රමාණවත් තරම් මුදලක් රටේ නැතිකොට යටිතල පහසුකමක් ඇති කිරීමට නම් විදේශ හෝ දේශීය ණයක් ගැනීමට සිදු වී ඇති බවත් එය කුමන රජයක් ආවත් පොදු වේ අත්විඳීමට සිදු වී ඇති සත්‍යක් බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    රාජ්‍ය ආදායම රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට හා වෙනත් අත්‍යවශ්‍ය වියදම් හා සුබසාධක කටයුතු සඳහා යෙදවේ. රට තුළ සාධනීය වෙනස්කම් කරනු නොලැබුවේනම් රට ගෙනියන්න බෑ. මේ නිසා සෑම ආයතනයක්ම අඩුම තරමේ පවත්වා ගෙන යන්න පුළුවන් තත්ත්වයක් තිබිය යුතුය. මෙයට හොඳම විසඳුම ලෙස ගමනාගමන මණ්ඩලයට නව නායකත්වයක් පත් කර තියෙනවා .

    රටේ අනතුරු අවම කිරීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට තමන් කටයුතු කරන බවත් දුම්රිය හරස් මාර්ග වල සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා පුද්ගලික අංශයේ සහය ඇතිව අලුත් ක්‍රමවේදයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ඒ තුලින් මගීන්ට දැඩි ආරක්ෂාව සහිත හොඳ ප්‍රවාහන සේවාවක් සැපයිය හැකි බවත් අමාත්‍යතුමා පෙන්වා දුන්නේය

    දේශපාලනයම මාතෘකාවක් කර නොගෙන රටේ විවිධ අංශ පිළිබඳව පුළුල් අවධානයක් යොමු කර ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම මාධ්‍යයන්හි වගකීමක් බව මාධ්‍ය භාර ඇමතිතුමා වශයෙන් තමන් මාධ්‍යයට මතක් කරන බව අමාත්‍යතුමන් වැඩි දුරටත් පැවසීය.

    මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මයාදුන්න, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ලලිත් ද අල්විස්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආචාර්ය ජයලත් එදිරිසිංහ යන මහත්වරු සහභාගි වූහ.  

    මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළ වීඩියෝ දර්ශන හා ඡායාරූප පහත සබැඳියෙන් ලබා ගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya