මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිගින් දිගටම සිදුවන දූෂණ වංචා අක්‍රමිකතා වැළක්වීමට දූෂණ විරෝධී පනත් කෙටුම්පතක් - අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    මාර්තු 14, 2023

    දූෂණ විරෝධී පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවත්, ඊට නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති එකී පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී තිබෙන බව ජනමාධ්‍ය සහ මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    පසුගිය කාල පරිඡේදය තුළ දිගින් දිගටම රටේ දූෂණ වංචා අක්‍රමිකතා වැළක්වීම සඳහා දැඩි නීතිරීති පද්ධතියක අවශ්‍යතාවය පිලිබඳ පුළුල් සමාජ කතිකාවතක් ද පැවති නමුත් එවැනි පනතක් මේ වන තුරුත් සැකසී නොමැති අතර අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් දීර්ඝ කාලයක් තිස්සේ විමසා කඩිනම් ක්‍රියාමාර්ග ගෙන අධිකරණ අමාත්‍යවරයා විසින් දූෂණ විරෝධී පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගත් බව හෙතෙම මෙහි දී පැවසීය.

    ඒ අනුව, මෙය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ අනාගතයේ දී සිදුකෙරෙන ගිවිසුම් වලට ද ඉතාමත් වැදගත් වන බවත්, ලබා ගන්නා ණය බේරුම්කරණය සඳහා ද මෙරට දූෂණ වංචා අක්‍රමිකතා වලින් තොරව විශාල මෙහෙයුමක් අනාගතයේ දී ශ්‍රී ලංකාවට කිරීමට සිදුවනු ඇතැයි ද, ඊට දූෂණ විරෝධී පනතත් අවශ්‍යවනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya