මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යල කන්නයට කිසිඳු කිසිදු හිඟයකින් තොරව පොහොර ලබා දීමට සැළසුම්

    මාර්තු 01, 2023

    යල කන්නයේ සහ මහ කන්නයේ අස්වැන්න සාර්ථක වී ඇති බැවින් ඉදිරියේ දී සහල් ආනයනය කිරීමට සිදු නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කෘෂිකර්ම අමාත්‍යංශයේ 2023 වසරග වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන ඵලදායී ලෙස යොදා ගැනීමට ගෙන ඇති පියවර සම්බන්ධව දැනුවත් කිරීමට පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

    නියඟ තත්වයම් හෝ ගංවතුර තත්වයක් හෝ ස්වභාවික ආපදාවන් ඇති නොවුනහොත් ඉදිරියේදී සහල් අතිරික්තයක් ඇතිවිය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.එසේම ඉදිරියේදී අස්වැන්න වැඩිකිරීමට අවධානය යොමු කර ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.ඉදිරි වසර 10 ඇතුලත මෙට්‍රික්ටොන් 5.5 ක අස්වැන්නක් ලබාගැනීම ඉලක්කය බවත් අමාත්‍යවරයා පැවසීය.මේ සඳහා නැනෝ තාක්ෂණය භාවිත කිරීමට අපේක්ෂිත බවත් විවිධ පර්‍යේෂණ ක්‍රම අත්හදා බලන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    කෘෂිකර්ම අමාත්‍යංශයට ජනාධිපතිවරයා විශාල මුදලක් ලබා දී ඇති බව පැවසූ අමාත්‍යවරයා යල කන්නයට කිසිඳු කිසිදු හිඟයකින් තොරව පොහොර ලබා දීමට සැළසුම් කර ඇති බවත් කන්න තුනකට පසුව මඩ පොහොර ලබාදීමට කටයුතු කර ඇති බවත් පෙන්වා දුන්නේය.මහකන්නයට වගා කරන සෑම කුඹුරකට්ද්ම මඩ පොහොර නොමිලේ ලබා දෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.එසේම මඩ පොහොර රැගත් නෞකාව මාර්තු මස 15 සිට 20 අතර කාලයේදී කොළඹට ළඟාවීමට නියමිත බවත් හෙතෙම පැවසීය.

    එසේම බණ්ඩි පොහොර මිටියක් රුපියල් 10000කට ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව පැවසූ අමාත්‍යවරයා ආහාර සුරක්ෂිත කමිටුවේදීද පොහොර සම්බන්ධව සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා කීය.

    ඉදිරියේදී ගෙවත්තේ එළවලු වගාකිරීම තවදුරටත් ව්‍යාප්ත කරන බව පවසන අමාත්‍යවරයා රජයේ ඉඩම් , කාර්‍යාල ආගමික ස්ථාන සහ පාසල්වල වගා කළ හැකි ඉඩකම වගා කිරීම් ආරම්භ කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    රැකියා විරහිත තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට යොමු කළ යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා සාර්ථක අස්වැන්නක් මගින් ආදායම වැඩි වන්නේ නම් තරුණ පිරිස් කෘෂිකර්මාන්තයට යොමු වන බවද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya