මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදු ගෙවීම් හැර ඇති පිරිස් හඳුනාගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග

    මාර්තු 01, 2023

    ආදායම් නොපෙන්වා බදු ගෙවීම පැහැර හැර ඇති ඇතැම් පිරිස් හඳුනා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දෙයි.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ අද (01) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එහිදී අමාත්‍යවරයා පැවසුවේ, රාජ්‍ය ආදායම පිළිබඳ දැඩි අවධානයක් යොමුව ඇති වර්ථමානයේ දී බදු පැනවීම මගින් ආදායම් රැස් කිරීම හා සමානවම බදු පැහැර හරින පිරිස් හඳුනා ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බවයි.

    බදු ආදායම් රැස් කර ගැනීම සම්බන්ධ මතුව ඇති ගැටලු මෙහි දී සාකච්ඡා කෙරිණි. විශේෂයෙන් ම රැමිස් පද්ධතිය, නිලධාරීන්ගේ පුරප්පාඩු පිරවීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

    මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අමාත්‍ය සියඹලාපිටිය මහතා අදාළ පිරිස් සම්බන්ධයෙන් කටයුතු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මට්ටමින් කඩිනම් ක්‍රියාමාර්ග ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස උපදෙස් ලබා දුන්නේ ය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya