මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනවාරියේ දී වෙළඳ ශේෂය ඉහළට - විදේශ ප්‍රේෂණත් ඉහළ යයි

    මාර්තු 01, 2023

    මෙම වසරේ ජනවාරි මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පෙර වසරට සාපේක්ෂව පහළ ගොස් ඇති බවත්, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

    මෙරට බාහිර අංශයේ ඉපැයීම් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වන මාසික වාර්තාව පෙබරවාරි 28 දා නිකුත් කරමින් මහ බැංකුව මේ සම්බන්ධයෙන් දන්වා ඇත. 2023 වසරේ ජනවාරි මාසය අවසන් වන විට දළ නිල සංචිත ශක්තිමත් වූ බවත්, ජනවාරි මාසයේ දී විනිමය අනුපාතිකය ස්ථාවරව පැවතුන බවත් එම වාර්තාව තවදුරටත් පෙන්වා දෙයි.

    2023 වසරේ ජනවාරි මාසයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා කළ බවද මෙම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

    එමෙන්ම පසුගිය වසරට සාපේක්ෂව 2023 වසරේ ජනවාරි මාසයේ දී ආනයන වියදම පහළ මට්ටමක පැවති පැවති බවද මෙම වාර්තාව තහවුරු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya