මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිනමා ග්‍රන්ථ ප්‍රකාශන ව්‍යාපෘතිය - 2023 සඳහා අත්පිටපත් කැඳවීම ඇරඹේ

    මාර්තු 01, 2023

    දේශීය සිනමා සංස්කෘතිය සහ සිනමා සාක්ෂරතාව පෝෂණය කිරීම උදෙසා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් විසින් සිනමා ග්‍රන්ථ ප්‍රකාශන ව්‍යාපෘතියක් වාර්ෂිකව සිදුකරනු ලබන අතර එහි 2023 වර්ෂය සඳහා වන අත්පිටපත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත.

    සිනමා ලේඛන කලාව තුළ නියැලෙමින් සිටින ප්‍රවීන හා නවක සිනමා ලේඛකයින් දිරිගැන්වීමේ අරමුණින්, රට පුරා ව්‍යාප්තව සිටින සිනමා ලේඛකයින්ගෙන් අත්පිටපත් කැඳවා එයින් තෝරාගත් පිටපත් වාර්ෂිකව
    අදියර දෙකක් යටතේ සංස්ථා ප්‍රකාශන ලෙස ජනගත කෙරේ.

    ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යාපන, ප්‍රවර්ධන හා සංස්කෘතික අංශයේ 011-2585721 යන දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය.
    අයැදුම්පත හා අත්පිටපත භාර ගැනීම 2023.05.20 වන දිනෙන් අවසන් වන අතර මේ සඳහා වන කොන්දේසි මාලාව හා අයැදුම්පත් 0776763344/0715212028 යන දුරකතන අංක වෙත WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ජී.ඒ.කිත්සිරි මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya