මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවසර ලබාගෙන සාමාකාමීව පවත්වන උද්ඝෝණවලට කිසිදු බාධාවක් නෑ - කැබිනට් ප්‍රකාශක

    පෙබරවාරි 28, 2023

    අවසර ලබාගෙන සාමාකාමීව පවත්වන උද්ඝෝණවලට රජයේ කිසිදු ආකාරයකට බාධා නොකරන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.

    ජාතික ජනබලවේගය විසින් පසුගියදා කොළඹ දී පැවැත් වූ විරෝධතා පෙළපාලියට පොලිස එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාර සම්න්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    උද්ඝෝෂණයකදී රජය සෑම විටම බලය අවම වශයෙන් පාවිච්චි කරන්න කියල තමයි උපදෙස් දී තිබුණේ. කිනම් ආණ්ඩුවක් පැමිණියත් මෙම ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සඳහා ගැටළු සඳහා දේශපාලන විසඳුම් ලබා දිය නොහැකියි. ජනතාවට සාමකාමී උද්ඝෝෂණ කළ හැකියි. ප්‍රචණ්ඩත්වයේන් අපි දශක ගණනාවක් පීඩාවට පත් වුණා.සාකච්ඡාව සම්මන්ත්‍රණ මගින් විසඳුම් සෙවිය යුතුයි. මෙම තිබෙන තත්වය උඩ ආයෝජකයන් පැමිණීමට බිය වෙනවා.

    මැතිවරණය ප්‍රකාශ කර ඇති අවස්ථාවක මෙවැනි පෙළපාළියක් ගමන් කිරීම මැතිවරණ නීතිය අනුව අවසර නැහැ. මේ කිසිදු නියෝගයක් නොතක පෙළපාලිය ගමන් කරද්දි එම අවස්ථාවේ තමා මෙම අවම බලය පාවිච්චි කර මෙම ප්‍රහාරය එල්ල කළේ. කලින් අවසර ලබා ගෙන අවශ්‍ය ස්ථානවලදී
    ප්‍රජාත්‍රන්තවාදී ලෙස උද්ඝෝෂණ කිරීමට ඇති අයිතියට රජය කිසිදු ආකාරයක බලපෑමක් කරන්නේ නැහැ''යැයි පැවසිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya