මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදලක් ලැබී ඇත්තේ පුද්ගලික අංශයේ වානිජ බැංකු තුනකටයි

    පෙබරවාරි 28, 2023

    ඇමරිකානු ඩොලර් මිලියන 600ක මුදලක් ලැබී ඇත්තේ පුද්ගලික අංශයේ වානිජ බැංකු තුනකට බවත්, අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ලෝක බැංකුව යටතේ අනුබද්ධිත සංවර්ධන මූල්‍ය ආයතනය විසින් එම ණය පහසුකම ලබාදී ඇති බවත්, එය ලැබී ඇත්තේ මෙරට රජයට නොවන බවත්, කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(පෙබරවාරි 28දා) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම්දීමේ මාධ්‍ය හමුව තුළදී මෙරටට ඇමරිකානු ඩොලර් 600ක මුදලක් ණය මුදල් ලෙස ලැබුනේ යැයි එක්තරා පුවත්පතක් පළකර තිබූ පුවතක් සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    විදේශ ණය මුදල් ගෙවීමට තමන්ට නොහැකි බව පැවසුවේ මෙරට වත්මන් ආණ්ඩුව බවත්, මෙම මුදල හිමිව ඇත්තේ පුද්ගලික අංශයේ වාණිජ බැංකු 03කට අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා වන ණයවර ලිපි විවෘතකිරීම යනාදියට බවත්, ණයවර ලිපි සඳහා අවශ්‍ය ද්‍රවශීලතාවය ඇතිකිරීම සඳහා එම වැණිජ බැංකු මෙම ණය ලබාගැනීම සිදුකර ඇති බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya