මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවට හානිවන කිසිදු තීන්දුවක් ගන්නේ නෑ- ධීවර අමාත්‍ය

    පෙබරවාරි 28, 2023

    ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවට හානි සිදුවන අයුරින් කිසිදු ආකාරයේ තීන්දුවක් රජය විසින් නොගන්නා බවත්, ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට අවසර දිමට රජය කටයුතු සිදුකරගෙන යන බවට වන පුවත් අසත්‍ය බවත්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

    පෙබරවාරි 27දා ධීවර අමාත්‍යංශයේදී පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දන්වා ඇත.

    පසුගිය කාලයේදී මේ ආකාරයෙන්ම චීන බලධාරීන්ට ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු තීරයේ මුහුදු කූඩැල්ලන් වගාව සදහා අවසරය දී ඇති බව මෙන්ම චීනයට උතුරු මුහුද විකිණීමට යන බවට ද අසත්‍ය ප්‍රචාර ජනතාව අතරට මුදාහැරි බවත්, මේ සියල්ල දේශපාලන වාසි වෙනුවෙන් නිකුත් කරන අසත්‍ය ප්‍රචාර බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාව විමසිලිමත් විය යුතු බවත්, අමාත්‍යවරයා තවදුරටත් දන්වා ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya