මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වී මිලදී ගැනීම, සහල් නිෂ්පාදනය හා අලෙවි කිරීම සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස්

    පෙබරවාරි 28, 2023

    වී ගොවියාට සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් රජය විසින් නාඩු වී කිලෝවක් රුපියල් 100 බැගින් වී මිල දී ගෙන අඩු අදායම්ලාභීන්ට නොමිලයේ සහල් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබා දුන් බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

    වී කිලෝවකට ගොවියාට ගෙවනු ලබන මුදලට අතිරේකව සහල් නිෂ්පාදනය ක්‍රියාවලිය තුළ සහල් කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කර පාරිභෝගිකයා වෙත ලබා දෙන තෙක් ජලය, විදුලිය, ගබඩා ප්‍රවාහනය යනාදිය සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවන බවත් ඊට අතිරේකව සමාජආරක්ෂණදායක බදු වශයෙන් නිපදවන සෑම සහල් කිලෝවකට රුපියල් 6/7 ක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බවත් සහල් නිෂ්පාදකයින් විසින් පෙන්වා දී තිබේ.

    එමෙන්ම, එකී පිරිවැය අවම කර ගැනීමට යම්කිසි සහනයක් ලබා දිය හැකි නම් ගොවීන්ට ඉහළ මිලක් ලබා දීමේ හැකියාව පවතින බවත් ඔවුන් විසින් වැඩිදුරටත් සඳහන් කර තිබේ. ඒ අනුව, එකී පිරිවැය අවම කර ගැනීමට යම්කිසි සහනයක් ලබා දීමට හැකි වන්නේ නම් ගොවීන්ට ඉහළ මිලක් ලබා දීමට හැකියාව තිබෙන බව ඔවුන් පෙන්වා දී තිබේ.

    එකී කරුණු සැලකිල්ලට ගෙන වෙළඳපළේ දැනට පවත්නා උපරිම සහල් මිල ඒ අයුරින්ම පවත්වා ගනිමින් නාඩු වී කිලෝවකට රුපියල් 100 ට වඩා ඉහළ මිලක් ගොවීන්ට ලබා දීමට හැකිවන පරිදි වී මිලට ගැනීම, සහල් නිෂ්පාදනය හා අලෙවි කිරීම සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කෙරන බවත්, 2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya