මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි බස්රථ ධාවනය කිරීමේ ව්‍යාපෘතියක් - කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

    පෙබරවාරි 28, 2023

    ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා විදුලි කෝෂ මගින් ක්‍රියාත්මක බස්රථ ධාවනය කිරීමේ ව්‍යාපෘතියක් සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අද(28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.අනාගතයේදී විදුලියෙන් දුවන වාහන ඇති කර සිස්ටම් චේන්ජ් එකක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

    ජාත්‍යන්තර බලශක්ති අර්බුදය හමුවේ පොසිල ඉන්ධන ආනයන සඳහා වැය වන පිරිවැය අවම කර ගැනීමේ පියවරක් වශයෙන් ප්‍රනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන සූර්ය බලශක්තිය උපයෝගී කර ගෙන ධාවන කළ හැකි මෙම බස්රථ ව්‍යාපෘතිය හඳුන්වා දී තිබේ.

    ඒ අනුව මෙහි නියමු ව්‍යාපෘතිය කොළඹ සහ බස්නාහිර පළාත් අවරණය වන පරිදි ආරම්භ කෙරේ.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    අපට පොසිල ඉන්ධන මත පමණක් ප්‍රවාහන කටයුතු සිදු කිරීම ඉතා අපහසුයි. රටක් වශයෙන් ගොඩයාම අසීරුයි. ආනයනික ඉන්ධන මත පමණක් රදා පැවතීම නිසා ලංකාව වැනි කුඩා රටකට එම ආනයන වියදම දරා ගැනීම අපහසුයි. වසරකට ඩොලර් බිලියන 5ත් 6ත් අතර විශාල ප්‍රමාණයක් ඉන්ධන ආනයනය කිරීමට වැය කරනවා.. මෙම තත්වය වැළැක්වීමට තිබෙන හොඳම ක්‍රමය තමයි විදුලියෙන් දුවන වාහන හඳුන්වා දීම.

    මෙරටද ස්වදේශීය නිෂාපදකයින් එවැනි නිර්මාණ සිදු කරනවා. මේ සම්බන්ධයෙන් පර්යේෂණ ඉතා ඉහළ මට්ටමක පවතිනවා. මෙය ඉතා යහපත් ප්‍රවණතාවක්. බස් රථ විදුලියෙන් නිපදවීම ප්‍රමාණවත් නැති නිසා තමයි බස් රථ සඳහා මෙම ව්‍යාපෘතිය ගෙනාවේ. මේ සඳහා උනන්දුවක් දක්වන අය සිටී නම් ලංකා ගමනා ගමන මණ්ඩලය සමග එක් වී මෙම විදුලි බස් රථ ව්‍යාප්තිය සඳහා එක් විය හැකියි. ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයට ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් මම ආරාධනා කරනවා.

    අනාගතයේදී ත්‍රී රෝද රථ, මෝටර් බස් පමණක් නොව විදුලියෙන් දුවන දුම්රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ද ප්‍රමුඛ තාවය ලබා දෙන බවත් කැලණිවැලි දුම්රිය මාර්ගය විදුලියෙන් දුවන දුම්රිය ඇති කිරීම ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කිරීම තම අරමුණ බවද හෙතෙම පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya