මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු කොරියානු තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    පෙබරවාරි 23, 2023

    ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වුන්ජින් ජියෝන් මහතා ඇතුළු දකුණු කොරියාවේ බුසාන් මෙට්‍රොපොලිටන් නගර සභාවේ සාමාජිකයන් දහතුන් දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් පසුගියදා (17) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

    දෙරට අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මෙන්ම 2030 වසරේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත බුසාන් ලෝක ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා සාකච්ඡා පැවැත්විණි.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා - දකුණු කොරියානු මිත්‍රත්ව සංගමය නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන සහ කරුණාදාස කොඩිතුවක්කු යන මහත්වරු ද කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya