මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''සීතාවක ඔඩිසි'' දුම්රිය මේ මස 26 දා සිට ගමන් ඇරඹේ

    පෙබරවාරි 22, 2023

    සීතාවක ඔඩිසි දුම්රිය මේ මස 26 දා සිට ගමන් අරඹන බව අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී (මෙහෙයුම්) වී. එස්. පොල්වත්තගේ මහතා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    සීතාවක නව සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නව සීතාවක ඔඩිසි දුම්රියක් හඳුන්වාදීමේ වැඩසටහනක් පසුගිය දා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    ඒ අනුව, මෙම දුම්රිය එළඹෙන 26 දා සිට සෑම ඉරිදා දිනකම පෙරවරු 7.30 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර පෙරවරු 9.07 ට වග දුම්රිය ස්ථානය දක්වා ගමන් කෙරෙනු ඇති අතර එමඟින් පුද්ගලයින් 205 දෙනකුට මෙහි ගමන් කළ හැකි වේ.

    මෙම දුම්රිය සඳහා දුම්රිය ආසන වෙන්කරවා ගැනීමේ කටයුතු නුගේගොඩ සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දුම්රිය ස්ථාන වලින් සිදුකර ගත හැකි වන අතර මෙහි එක් දිශාවකට වන පළමු සහ දෙවන සහ තුන්වන පන්තියේ ප්‍රවේශ පත් මිල ගණන් පිළිවෙලින් රුපියල් 800.00, රුපියල් 500.00, රුපියල් 350.00 වශයෙන් වෙන බවත් පොල්වත්තගේ මහතා ප්‍රකාශ කළේය.

    දේශීය සහ විදේශීය සංචාරකයින් බස්නාහිර පළාත තුළ රඳවා ගැනීමත්, සීතාවක ප්‍රදේශය දිවයිනේ සෙසු සංචාරක ප්‍රදේශ මෙන් ප්‍රවර්ධනය කර දේශීය ආර්ථිකයට ශක්තියක් වීම මෙහි අරමුණ වන බවත් හෙතෙම මෙහි දී ප්‍රකාශ කළේය. මෙම මාධ්‍ය සාකච්ඡාවට බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya