මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2023 වසර අවසානයේ 5G තාක්ෂණය හඳුන්වා දීමට සහ සක්‍රීයව ක්‍රියාත්මක කිරිමට හැකිවෙනවා - තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය

    පෙබරවාරි 22, 2023

    වරාය නගරය සුහුරු තාක්ෂණය සහිත smart city එකක් බවට පත් කිරීමට අවශ්‍ය සහයෝගය සහ ඒ සඳහා අවශ්‍ය සුහුරු තාක්ෂණය , තාක්ෂණ අමාත්‍යංශය ලබා දෙන බව තාක්ෂණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

    කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග දෙකක් පිළිබඳ අද (22) පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසිය

    එහිදී පරිසරයට හානියක් නොවන පරිදි ලෝකයේ අනෙකුත් රටවල් සමග සම්බන්ධ වෙමින් එම කටයුතු සිදු කරන බවද හෙතෙම පැවසීය

    නව ආයෝජන පැමිණීමත් සමග මේ වසර අවසානයේ 5G තාක්ෂණය හඳුන්වා දීමට සහ සක්‍රීයව ක්‍රියාත්මක කිරිමට හැකිවනු ඇතැයි ද තාක්ෂණ අමාත්‍යවරයා කීය. ඇරඹීමට හැකි වනු ඇති බවත් දැනටමත් ඇතැම් ස්ථානවල මෙම තාක්ෂණය ආරම්භ කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, කොළඹ වරාය නගරය ඔස්සේ බිහිවන නව රැකියා අවස්ථා නිසා මෙරට බුද්ධි ගලනය අඩු වනු ඇති බවයි.

    බුද්ධි ගලනය අද අපේ රට මුහුණ පා තිබෙන ප්‍රධාන අභියෝගයක් බවට පත් වෙලා තිබෙනවා. තොරුතුරු තාක්ෂණය සම්බන්ධ වෘත්තිකයින් අද විශාල වශයෙන් අද අපේ රටෙන් යනවා. මේ රටේ පවතින ජාත්‍යන්තර සමාගම් ඩොලර් ගෙවා වෘත්තිකයින් ව බඳවා ගන්නවා. තෘතීක සහ පාසල් අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණ විෂය පද්ධතිය ඇතුළත් කර ගත යුතුයි. මෙම වරාය නගර ව්‍යාපෘතිය හරහා ඒ සඳහා අවස්ථාව උදාවෙනවා.එම නිසා මෙම ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම ඉතා වැදගත් වරාය නගරය හා සමානව ගම්මට්ටමින් තාක්ෂණය දියුණු කළ යුතු බවද හෙතෙම පැවසීය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya