මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ මුදල් කමිටු සභාපතීත්වය ආණ්ඩුවට ගැනීමට කිසිදු බලාපොරොත්තුවක් නැහැ - ඇමති ප්‍රසන්න රණතුංග

    පෙබරවාරි 22, 2023

    පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවා මුදල් කමිටු සභාපතීත්වය ආණ්ඩුවට ගැනීමට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.


    ඔහු පෙන්වා දෙන්නේ, මුදල් කමිටුවේ සභාපතීත්වය විපක්ෂයට ලබා දීමට ගත් තීන්දුවේ කිසිදු වෙනසක් නැති බවයි. එහෙත් අදාල සභාපතිවරයා පත් කිරීමේදී දෙපාර්ශවයේ එකගතාවයෙන් එය සිදු විය යුතු බවද ඔහු අද (22) පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.

    මැතිවරණයට මුදල් ලබා නොදීම සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතීත්වය පිළිබදව අද පාර්ලිමේන්තුවේදී ඇති වු සංවාදයකදී ඇමතිවරයා මේ බව සදහන් කළේය. එම සංවාදය මෙසේය.

    පා.ම. චමින්ද විජේසිරි මහතා (සජබ) –

    අයවැය සම්බන්ධ සියලු තීන්දු තීරණ අරගෙන වෙන් කිරීම් සියල්ල අරගෙන ව්‍යවස්ථාදායකයේ නීතිය අභිබවා විධායකයට යා හැකිද. අපි කොච්චිර පත් කරත් වැඩක් නැහැ. අපි හදලා ඇස්තමෙන්තු වල සල්ලි වෙන් කරලා ඒවා වෙන් කරන්න සල්ලි නැ කියලා නිළධාරීන් කටයුතු කලාම. ඔබතුමා මේකට තීන්දුවක් ගන්න. මොකද වෙන් කිරීම් කරලා තියෙනවා. ඔබතුමා අනුමත කරලා තියෙනවා. ව්‍යවස්ථාදායකය එය ක්‍රියාත්මක කරලා තියෙනවා. හැබැයි මැතිවරණයට සල්ලි නැහැ. අයවැයෙන් සල්ලි වෙන් කරලා. ඔබතුමාලා අත්සන් කරලා. පඹයො වගේ වැඩ කරනවා නම් වැඩක් නැහැ. විධායක ජනාධිපති ගන්න තීන්දු හරහා මේවා විනාශ වෙනවා නම් වැඩක් නැ මේ පාර්ලිමේන්තුවේ මේ නීති හදලා.

     
    නියෝජය කතානායක අජිත් රාජපක්ෂ මහතා -

    මං දන්න විදිහට එහෙම තීන්දුවක් අරගෙන නැහැ.


    ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා (ශ්‍රී.පො.ප) –


    ඔබතුමාලා කියනවා නම් විධායකය එහෙම තීන්දුවක් අරගෙන කියලා ගත්ත තැනක් පෙන්නන්න. ඒක අපිත් දැන ගන්න එපැයි.


    පා.ම. එස්.එම්. මරික්කාර් මහතා (සජබ) –

    මෙතුමා අහනවා තීන්දුව ගත්තේ කොහෙද කියලා. ඊයේ පුවත්පත් වල ඉලෙක්ටඩ් ජනාධිපති නෙමෙයි සිලෙක්ටඩ් ජනාධිපති කියනවා අධිකරණයේ විනිසුරුවරුන්ට ඡන්දය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න පුළුවන්. හැබැයි ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න බැහැ කියලා. අධිකරණයට බලපෑම් කිරීමක් කරන්නේ. අයවැය සම්මත කරලා තියෙනවා. අයවැයෙන් රුපියල් බිලියන 10 ක් දාලා තියෙනවා. හැබැයි ඡන්දෙට සල්ලි නැහැලු. එතකොට මේ පාර්ලිමේන්තුව හෑල්ලු කිරීමක්.

    ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා (ශ්‍රී.පො.ප) –

    නීත්‍යානුකූලව පත් වුනු ජනාධිපති කෙනෙක් මේ රටේ ඉන්නේ. මේ රටේ සියලු ජනතාව වෙනුවෙන් තෝරා පත් කරපු ජනාධිති කෙනෙක්. මේ අයට ඕනි ඕනි විදිහට ඒක හදුන්වන්න බැහැ. අනික මුදල් පිළිබද වග කියන්න ඕනි පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවේ විපක්ෂයට තමයි මුදල් කමිටුවල සභාපතිකම් දීලා තියෙන්නේ. මෙතැන ඇවිත් බෙරිහන් දෙන්න එපා. ඔබතුමන්ලට දෙකට තුනට තරගය තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ එක්ක නම් ඒක ඔයගොල්ලෝ වෙනම බේර ගන්න. මෙතැන නැති දේවල් බොරු දේවල් කියවන්න එපා.

    නියෝජය කතානායක අජිත් රාජපක්ෂ මහතා - මැතිවරණය කල් දාලා නැහැ.

    පා.ම. හර්ෂද සිල්වා මහතා (සජබ) -

    ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා දැන් කිවුවා මුදල් කාරක සභාවේ සභාපතිකම විපක්ෂයට දීලා තියෙන්නේ කියලා. ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා මට කිවුවා තේරීම් කාරක සභාව අවසන් වුණාම ඔබතුමාව කිසිම ඡන්දයක් නැතුව යෝජනා කල පරිදි පත් කරා කියලා. ඒ සම්බන්ධයෙන් මං කතානායකතුමාටත් ස්තූති කරා. ඊට පස්සේ පක්ෂ නායකයින්ටත් ස්තූති කරා. ටික වේලාවකින් මිනිට්ස් ආවාම ඒකේ මේක නැති නිසා කමිනිකේෂන් එකෙන් අහුවාම ඇයි මේක නැත්තේ කියලා ඔවුන් කිවුවා එහෙම දෙයක් වෙලා නැ කියලා. පස්සේ මං මහලේකම් තුමාගෙන් ඇහුවා. එතුමා කිවුවා එකේ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ කියලා. ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා මගේ නම කිවුවා. වෙනත් විපක්ෂ මන්ත්‍රීවරයෙක්වත් යෝජනා කළා ආණ්ඩු පක්ෂයෙන්, පස්සේ එතැන සාකච්ඡා කරා. එතැන ප්‍රශ්නයක් වුනේ නැහැ කියලා කිවුවා. එය සම්මත වුනා කියලා. මං අහන්න කැමතියි මේ සම්මත වීම දැනුම් දෙන්නෙ නැත්තේ ඇයි. මං දේශපාලන භේදයකින් තොරව මුදල් කාරක සභාව මෙහෙයව ගෙන ගියා. මං ට්‍රෙෂරිය ගෙනාපු දේවල් විශ්ලේෂණයට පත් කලා. ඒ සදහා කන්ඩායමක් යොදා ගෙන අපි සද්භාවයෙන් වැඩ කරා. මං කිවුවා කැබිනම් ඇමතිකම් එපා. විපක්ෂයේ ඉදගෙන අපි රජයට රටට විය යුතු දේ කරන්න කැප වෙනවා කියලා. මේ නිවේදනය නිකුත් කරන්න කියලා මං ඉල්ලා සිටිනවා.

    ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා (ශ්‍රී.පො.ප) -

    අපි එතැන සිලෙක්ෂන් කමිටි එකේ එකගතාවයෙන් තමයි මේක පත් කරන්න ඔනි කියලා. විපක්ෂයේ නම් කිහියක් යෝජනා වුණා. අපි පැහැදිලිවම කිවුවා ස්ථාවර නියෝග අත්හිටුවලා මුදල් කමිටු සභාපතිකම් ආණ්ඩු පක්ෂයට ගන්න උවමනාවක් නැහැ. මේක විපක්ෂයට ලබා දිය යුතුයි කියන තැන අපි ඉන්නවා. ඒ පිළිබදව ගැටළුවක් නැහැ. හැබැයි නමක් යෝජනා කරන විට ස්ථාවර නියෝග අහෝසි නොකර එකගයි. නමුත් පුද්ගලයා පිලිබදව එකගතාවයක් අවශ්‍යයි ඒ සදහා. කමිටුවේදී තීන්දුව අර ගන්න තමයි අපි කල් ගත්තේ මන්ත්‍රීවරු සමග කතා කරලා එකගතාවයකට එන්න. විපක්ෂ සංවිධායකතුමා කියන කෙනා පත් කරන්න කියලා කොහේවත් කියලා නැහැ. කමිටුව තමයි පත් කරන්න ඕන.

    පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (සජබ) –

    මම එම රැස්වීමට සහභාගි වුණා. නිමල් සිරිපාල ඇමතිතුමත් සිටියා. මම විපක්ෂයේ සංවිධායක හැටියට හර්ෂද සිල්වා මන්ත්‍රීතුමාගේ නම යෝජනා කෙරුවා. කතානායක ඒක පිළිගත්තා. මේක අද ඉවර කරමු කියලා. ප්‍රශ්නය ඉවරවුණා. ආණ්ඩුවට බැහැනෙ විපක්ෂයේ මන්ත්‍රීවරු නම් කරන්න. ඒක නම් කරන්න ඕන අපි. නියෝජය කතානායක අජිත් රාජපක්ෂ මහතා - ඒ ගැන මම කථානායකතුමාට දන්වන්නම්.

    ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා (ශ්‍රී.පො.ප) -

    වැරදි කතාවක් කරනවා ලක්ෂ්මන් කිරිඇල්ල මහතා. ඒක ආණ්ඩුපක්ෂය විපක්ෂය කියලා නෙවෙයි. කමිටුවක් හැටියට සම්බන්ධ වුණු තැන කමිටුවේ එකගතාවෙන් පත්කරන කතාවක් තමයි ස්ථාවර නියෝග වල තියෙන්නෙ.

    පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (සජබ) -

    දැන් නිකුත් කරපු නිවේදනයේ හර්ෂද සිල්වා මැතිතුමා පත්වුණා කියලා ඇයි නිවේදනය කරන්නේ නැත්තෙ.මහලේකම්තුමා එතන හිටියනෙ.

     

    පා.ම. විමල් වීරවංශ මහතා (ස්වාධීන) –
    ගරු කතානායකතුමණි දැන් මෙතන කියවුණා වෙනත් නමකුත් යෝජනා වුණා කියලා. අපි දැන ගන්න කැමතියි විපක්ෂයෙන් යෝජනා වුණු වෙන නම මොකක්ද කියල. ආණ්ඩුවෙන් හරි කොහින් හරි යෝජනා කරන නම මොකක්ද කියලා මම අහන්නෙ.

    පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (සජබ) -

    මම යෝජනා කලේ හර්ෂද සිල්වා මහතා. මේ අය නම් එකක් දෙකක් කිව්වා. ඒක අපි කිව්වේ නැහැ.

    පා.ම. චන්දිම වීරක්කොඩි මහතා (ස්වාධීන) –

    මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයක් සහ විපක්ෂයක් තියෙනවා. ස්ථාවර නියෝග වලට අනුව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිත්වය විපක්ෂයට ලබා දිය යුතුයි කියලා සදහන් වෙනවා. එතකොට විපක්ෂයට යම් තනතුරක් ලබා දෙනවා නම් එම තනතුර නම් කිරීමේ අයිතිය විපක්ෂයට හිමි වෙනවා. එහෙම නැත්නම් වෙන කමිටුවක් හරහා පාර්ලිමේන්තුව තුළ කටයුතු ව්‍යාකූල කිරීමට උත්සාහ ගැනීම වැරදියි. අද මේ රටේ හැමදේම ව්‍යාකූල තත්ත්වයට පත් කරලා තියෙනවා. අධිකරණයට ස්වාධීනව කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැහැ.

    පා.ම. නිමල් ලංසා මහතා (ශ්‍රී.පො.ප) –

    ඉතා පැහැදිළිවම ආණ්ඩුපක්ෂයෙන් කිව්වා විපක්ෂයට මෙය ලබා දෙනවා කියලා. මම මුදල් කාරක සභාවේ නියෝජනය කරන සාමාජිකයෙකු විදහට මට ඒ අවස්ථාව තියෙනවා හෙට ඒ විපක්ෂයේ කාවද පත්කරන්නේ කියන්න. ඒක මෙතන තීන්දු කරන්න බැහැ. ඒක සාමාන්‍ය කාරක සභාවෙදී එතන ඡන්දෙන් තෝරන්න ඕන. මෙතන පක්ෂ නායකයෝ ඒක තීන්දු කරනවා නම් අපිව
    මොකටද දාන්නෙ. අපිව දාන්නේ මේ ගන්න තීන්දුව අනුමත කරන්න නෙමේ. අපිට එතන අවස්ථාවක් තියෙනවා අපේ ඡන්දය පාවිච්චි කරන්න. ඒ නිසා කරුණාකරලා මෙතන නම් පාවිච්චි කරන්න එපා එක එතනදී විසදගමු. අපි විපක්ෂයට ඒ අවස්ථාව ලබා දෙන්නම්.

    පා.ම. හර්ෂද සිල්වා මහතා (සජබ) –

    ගරු ලංසා මහතාගේ මතයට මම ටිකක් විරුද්ධයි. ඒකට හේතුව තමයි මේකෙ 121 තියෙන්නේ තේරීම් කාරක සභාව තමයි සභාපතිවරයා පත්කරන්නේ. කෝප් ඒකේ කෝපා එකේ ඡන්දයක් තියනවා. නමුත් මේකේ ඡන්දයක් නැහැ. ඔබතුමාව මම පිළිගන්නවා අපේ සභාවට නමුත් අපේ සභාවේ ඡන්දයක් නැහැ. මෙක තේරීම් කාරකසභාවේ අපොයින්ට්මන්ට් එකක්.

     

    පා.ම. නිමල් ලංසා මහතා (ශ්‍රී.පො.ප) –

    නම් දෙකක් යෝජනා වුණොත් ඡන්දයක් තියෙනවා. ඒක තමයි නීතිය. එහෙම නැතුව එක නමක් කියලා නැහැ. දෙදෙනෙකුගේ නම් යෝජනා වුණා නම් මොකක්ද කරන්නේ. විපක්ෂයට අපි මේක ලබා දෙනවා විපක්ෂයට ඡන්දයත් දෙනවා හෙට බලමු මේක මොකද වෙන්නේ කියලා.

    පා.ම. එස්.එම්. මරික්කාර් මහතා (සජබ) –

    පොඩ්ඩක් ඉන්න. වෙලාව දෙන්න. අපිත් ඡන්දයෙන් පත්වුණු මන්ත්‍රීවරු ලක්ෂ ගණන් මනාප අරගෙන. අපි එක එක්කෙනා පත්කරපු අය නෙවෙයි. පොඩ්ඩක් ඉන්න මම කොළඹ දිස්ත්‍රික්යේ දෙවෙනියා. මට කතා කිරීමේ අවස්ථාව තියෙනවා. අහන් ඉන්නකො. නියෝජ්‍ය කතානායකතුමණි ආණ්ඩු පක්ෂය කියනාව මේක විපක්ෂයට දෙනවලු. විපක්ෂයට දෙනවා නම් විපක්ෂය විසින් තමයි යෝජනා කළ යුත්තේ. මේ සිලෙක්ටඩ් ජනාධිපතිට ඕන විදිහට විපක්ෂයේ ඇතුලේ අර්බුදයක් හදන්න මේ උත්සාහ කරන්නේ. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා (ශ්‍රී.පො.ප) –

    ගරු නියෝජ්‍ය කතානායකතුමා

    මෙතන පාතාලයෙන් වගේ කතා කරල තර්ජනය කරන්නේ ඔබතුමාට. මෙතන ඉන්නෙ සියලු දෙනා ඡන්දයෙන් පත්වුණු අය. කිහිපදෙනෙක් ඉන්නවා ජාතික ලැයිස්තුවෙන් පත්වුණු අය. ඒ නිසා ඒ සියලු
    දෙනාට අයිතිය තියෙනවා. කතානායකතුමාට ඇගිල්ල දික්කරල තර්ජනය කරන්න කාටවත් අයිතියක් නැහැ. කතානායක පුටුවට ගරු කරන්න.

    නියෝජය කතානායක අජිත් රාජපක්ෂ මහතා - (එස්.එම්. මරික්කාර්
    මන්ත්‍රීතුමාට)

    පාතාලය එලියේ තියා ගන්න පාර්ලිමේන්තුවේ තියා ගන්න එපා. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා (ශ්‍රී.පො.ප) – හර්ෂද සිල්වා මහතා කියපු කතාව අපි පිළිගන්නවා. ඒක කමිටුවෙන් පත්කරන්න ඕන. ඒක එකගතාවෙන් අපි පත්කර ගතයතු වෙනාවා. ඒ නිසා තමයි ඒ අවස්ථාව තිබ්බේ. ඒකට අපි කිසිම වෙලාවක ස්ථාවර නියෝග අත්හිටුවල ආණ්ඩුවෙන් පත් කරන්න වත් කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේක එකගතාවෙන් පත්කළ යුතු දෙයක්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya