මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා සංචාරක කාඩ්පතක්

    පෙබරවාරි 22, 2023

    ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා සැකසුන ,සංචාරක කාඩ්පත (Travel Card)එළි දැක්වීම හා අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීම ඊයේ (21) දින ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දී සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙම කාඩ්පත නිකුත් කිරීමෙන් පසු සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක කර්මාන්තයේ විවිධ සේවාවන් සපයන අය සදහා සංචාරකයන් සමඟ ගනුදෙනු කිරීමේදී විශේෂ වරප්‍රසාද හිමිවන අතර ,මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ගනනය කරගැනීම,ඔවුන් රැගෙන එන ඩොලර් සෘජුව බැංකුවක් සමග හුවමාරු වීම හා සංචාරකයන් හට සුරක්ෂිතව මෙම කාඩ්පත මගින් මෙරට තුලදී භාණ්ඩ හා සේවා ලබාගැනීමට හැකිවීම වැනි ගුණාත්මක සේවාවන් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත

    .NDB (National Development Bank )බැංකුව සමග සිදුකල මෙම ගිවිසුම් ගතවීමේ අවස්ථාවට සංචාරක සංවර්ධන අධිකරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ,NDB ජේෂ්ඨ උප සභාපති සංජය පෙරේරා ,උප සභාපති සෙයාන් හමීඩ්,සහකාර උප සභාපති කාඩ්පත් අශාන් වික්‍රමනායක හා NDB කොල්ලුපිටිය ශාඛාවේ කළමනාකරු කුරේෂ් සප්පිඩීන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටිය හ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya