මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමේ ප්‍රථම කමිටුව රැස්වෙයි

    පෙබරවාරි 19, 2023

    ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමේ ප්‍රථම කමිටු රැස්වීම පසුගිය (16) දා සංස්කෘතික කටයුතු අමාත්‍ය විඳුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සෙත්සිරිපාය සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

    අංක 1525/12 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර ඇත. වර්තමානයේ සමාජයේ සිදුවෙමින් පවතින සාමාජීය, ආර්ථික වෙනස්කම් වලට සංවේදී වන ආකාරයේ නව සංස්කෘතික ප්‍රතිපත්තියක් ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා පසුගිය කාලයේ දී අවධාරණය කරනු ලැබුවේය.

    ඒ සඳහා මෙරට පවතින සියළු සංස්කෘතීන් පිළිබඳව පුළුල් දැනුමක් සහිත විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර, එම කමිටුවේ යෝජනා හා නිර්දේශ මත, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි අයුරින් සංස්කෘතික ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙයි.

    ඊට අදාළ පළමු කමිටු රැස්වීම සඳහා කමිටු සභාපති මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතා, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා මහතා, නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා, රාජ්‍ය භාෂා කොමසාරිස් ප්‍රින්ස් සේනාධීර මහතා, ඒ.එෆ්.ෆරෝස් නූන් මහතා, සැන්ද්‍රා සෝජා මහත්මිය, ප්‍රවීන වාස්තු විද්‍යාඥ ඇෂ්ලි ඩි වෝෂ් මහතා, කමිටු ලේකම් සජීවනී චන්දිමා(සහකාර ලේකම් බුද්ධශාසන අමාත්‍යංශය) යන සාමාජික සාමාජිකාවන් සහභාගී වී සිටි අතර යාපනය විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය පී. බාලසුන්දරම්පිල්ලයි මහතා මාර්ගස්ථ දුරස්ථ සන්නිවේදනය ඔස්සේ සම්බන්ධ වුණහ.

    අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතා, අතිරේක ලේකම් (සංස්කෘතික ප්‍රවර්ධන) තිලක් හෙට්ටිආරච්චි මහතා ඇතුළු අමාත්‍යංශ ප්‍රධානීන් ද මෙම කමිටු රැස්වීම සඳහා සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya