මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ (RASSL) 178 වසර අභිමානවත් ලෙස සමරයි

    පෙබරවාරි 17, 2023

    ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමය (RASSL) පසුගිය දා (13) සිය 178 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලැබීය.

    රාජකීය ආසියාතික සමිති කවුන්සිලයේ දී සමරනු ලැබූ මෙම සංවත්සරය, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

    මෙහි දී ඇමතිතුමන්, ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයට සුභ ප්‍රාර්ථනා එක් කළ අතර සංගමයේ ක්‍රියාකාරකම් පුළුල් කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අදහස් පළ කරනු ලැබුවේය.

    මෙහි දී පිළිගැනීමේ කතාව සිදුකරනු ලැබුවේ සංගමයේ වර්තමාන සභාපතිනී ආචාර්ය මාලිනී ඩයස් මහත්මිය විසිනි. මින් පෙර හිටපු සභාපතිතුමන් වන ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පී ඈෂ්ලි ද වෝස් මහතාගේ ඡායාරූපයක් ද අමාත්‍යවරයා විසින් මෙහි දී නිරාවරණය කළේය.

    වික්ටෝරියා රැජිනියගේ පාලන සමයේ 1845 දී එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ රාජකීය ආසියාතික සංගමයේ ශාඛාවක් ලෙස පිළිගත් මෙම සංගමය රාජකීය ආසියාතික සමාජයේ ලංකා ශාඛාවයි.

    මෙම අවස්ථාව සඳහා සංගමයේ සභාපතිනිය, උප සභාපති , ලේකම් ඇතුළු සංගමයේ නිලධාරීන් ද සංගමයේ හිටපු සභාපතිවරු ඇතුළු බොහෝ දෙනෙක් ද සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya