මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අර්තාපල් වගාවට යොදා ගන්නා කිසිදු ඉඩමක් වෙනත් බෝග වගාවන් සඳහා යොදා නොගන්නා- කෘෂිකර්ම අමාත්‍ය

    පෙබරවාරි 16, 2023

    අර්තාපල් වගාව සඳහා යොදා ගන්නා කිසිදු ඉඩමක් වෙනත් බෝග වගාවන් සඳහා යොදා නොගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.

    ශ්‍රී ලංකාවේ අර්තාපල් වගාව සදහා යොදා ගනු ලබන ඉඩම් සුවිශේෂි ඉඩම් වන බැවින් එම ඉඩම්වල වෙනත් බෝග වර්ග වගා කිරීමට හෝ ඒවායේ ගොඩනැගිලි හා වෙනත් ඉදි කිරීම් සදහා භාවිත නොකරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශයේ නිලධාරින්ට උපදෙස් දී තිබේ. අර්තාපල් වගාව සදහා විශේෂිත වූ ඉඩම් ප්‍රමාණය සීමිත වන අතර එයින් වැලිමඩ, නුවරඑළිය හා යාපනයේ තිබෙන ඉඩම් විශේෂ වේ.


    ශ්‍රී ලංකාවේ අර්තාපල්වල ඇති රසය හා ගුණාත්මකභාවය නිසා ආනයනික අර්තාපල්වලට වඩා ඊට ඉහළ ඉල්ලුමක් පවතී. එමෙන්ම දැනට මෙම වගාවේ නිරත ව සිටින ගොවි ජනතාව ඉදිරිපත් කර ඇති ඉල්ලීම් අනුව වෙනත් බෝග වර්ග වගා කළවිට එම බිම්වල වෙනත් රෝග හට ගැනීමේ හැකියාවක් ද පවතී.


    2023 යල කන්නයේ දී හෙක්ටෙයාර් 2700ක් හා මහ කන්නයේ දී හෙක්ටෙයාර් 1881 වශයෙන් හෙක්ටෙයාර් 4581ක අර්තාපල් වගා කිරීමට සැලසුම් කර තිබේ. එමගින් මෙට්‍රික් ටොන් 14,400ක අස්වැන්නක් අපේක්ෂිතය. එසේ වුවත් තවත් අර්තාපල් මෙට්‍රික් ටොන් 154,000ක් ආනයනය කිරීමට සිදුවේ. රටේ වාර්ෂික අර්තාපල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 230,000කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya