මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වානේ නිෂ්පාදනයන්හි වෙළදපොළ ප්‍රමිතිය පිළිබඳව වෙළඳ ඇමති ඇස යොමුවෙයි

    පෙබරවාරි 16, 2023

    ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව භාවිතයට ගැනෙන මූලික අමුද්‍රව්‍යයක් වන වානේ නිෂ්පාදනයන්හි වෙළදපොළ ප්‍රමිතිය පිළිබඳව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ අවධානයට ලක්ව තිබේ.

    දිවයිනේ ප්‍රමුඛ පෙලේ වානේ නිෂ්පාදකයන් සමඟ (13 දින ) වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වන ලදී. එහි දී අමාත්‍යවරයා මේ පිළිබඳව අවධානය යොමු කර තිබෙන අතර එහි දී විදුලි බිල ඉහළ යාම වානේ නිෂ්පාදන කර්මාන්තය මුහුණ දෙන ප්‍රධාන ගැටලුව බව පැමිණ සිටි නියෝජිතයන් සඳහන් කරන ලදී.

    ඒ අනුව, නව තාක්ෂණික උපක්‍රම හරහා අවම විදුලි බලයක් යටතේ යකඩ නිපදවීමට ඇති හැකියාවන් පිළිබදවද මෙහි දී අමාත්‍යවරයාගේ විමසුමට ලක් විය.

    පාරිභෝගික අධිකාරිය මඟින් සිදුකෙරෙන ප්‍රමිතියෙන් හා තත්ත්වයෙන් බාල වානේ නිෂ්පාදන සොයා මේ වන විට සිදුකර ඇති වැටලීම් හා එසේ වැටලීම් වලදී වැරදිකාරයන් ලෙස හසුවූ වානේ කර්මාන්ත සමාගම් මොනවාද යන්නත්, එම සමාගම් වලට එරෙහිව ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබදව අමාත්‍යවරයා විසින් පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන්ගෙන් විමසා සිටින ලදී.

    මෙහිදී අදහස් දක්වමින් පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් සඳහන් කළේ, වානේ නිෂ්පාදනයන්හි ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා වානේ බාරය මත ශ්‍රී ලංකා ප්‍රමිති ලාංඡනය සඳහන් කිරීම අනිවාර්ය බවත්, 2022 වසරේදී වානේ වෙළෙඳපොළ සාම්පල් පරීක්ෂාවට ලක් කර, ඉන් නිසි ප්‍රමිතියෙන් තොර වූ ආයතන සඳහා නඩු ක්‍රියාමාර්ග වලට එළඹි බවත්ය.

    වානේ නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා වසරකට මාස 04 කට වරක් අනිවාර්ය කර්මාන්තශාලා නිරීක්ෂණ දෙකක් හා ප්‍රමාණවත් සාම්පල් රැස් කර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදී. විශේෂයෙන් ප්‍රමිතියෙන් තොර වානේ නිෂ්පාදනය කරන බවට පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිරීක්ෂණය කරන ලද

    සමාගම් පිළිබදව වඩා සුපරීක්ෂාකාරීව නිරීක්ෂණය කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී. අඩු ප්‍රමිතියෙන් යුතු වානේ නිෂ්පාදනය කරන සමාගම් පිළිබදව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත ලිඛිතව දැනුම් දී ඇති බවද පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා මෙහිදී සඳහන් කරන ලදී. ඒ ඒ වානේ නිෂ්පාදනය කරන ආයතන සිය නිෂ්පාදන අලෙවිකරන ප්‍රදේශ පිළිබදව වාර්තාවක් ලබා ගෙන එම ප්‍රදේශයන්හි සිටින පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිළධාරීන් හරහා වැටලීම් කටයුතු සිදු කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදී.

    මෙම අවස්ථාව සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ ලේකම් අයි.එම්.පී.එම්.බී අතපත්තු, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ අතිරේක ලේකම් එස්.එම් පෙත්තාවඩු, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අධ්‍යක්ෂ ජෙගනාතන් හා දිවයිනේ ප්‍රමුඛ පෙළේ වානේ නිෂ්පාදන සමාගම්හි නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya