මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් රජයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන හතළිස් හයක මානුෂීය ආධාර

    පෙබරවාරි 16, 2023

    ජපන් රජය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන හතළිස් හයක මානුෂීය ආධාර ප්‍රදානය කිරීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වන ගිවිසුම එළැඹෙන 22 වැනිදා අත්සන් කිරීමට නියමිත ව තිබේ.

    ඒ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

    මෙම මානුෂීය ආධාර මගින් පවත්නා අභියෝගාත්මක ආර්ථික තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට තිරසාර වෛද්‍ය සේවා සැපයීම පිණිස දිවයිනේ සියලු රජයේ රෝහල්, ගිලන් රථ, වෛද්‍ය කාර්ය මණ්ඩල සහ උපකරණ ප්‍රවාහන වාහන 1180ක් සඳහා ඩීසල් ඉන්ධන ලීටර් මිලියන විස්සක් ලබා දීමට නියමිත බව සඳහන් කෙරේ.

    පවත්නා අභියෝගාත්මක ආර්ථික තත්ත්වය ජය ගැනීම පිණිස වන ජපානයේ සහෝදරාත්මක මානුෂීය මැදිහත් වීම බෙහෙවින්ම අගය කළ යුතු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya