මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ඇමති හමුවෙයි

    පෙබරවාරි 16, 2023

    ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂි හිදෙකි (Mizukoshi Hideaki) මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහහා අතර විශේෂ හමුවක් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය කාර්යාලයේ දී සිදු විය.

    ජපාන රජයේ සහෝයෝගීතාවයෙන් මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති, රූපවාහිනී ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඇතුළු වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙම අවස්ථාවේ දී සාකච්ඡාවට භාජනය විය.

    ඉදිකිරීම් අවසන් කර ඇති නව කැළණි පාලම් ව්‍යාපෘතිය ඇතුළුව දැනට සිදුකෙරෙමින් පවතින හා අතරමඟ නතර වී තිබෙන ව්‍යාපෘතිවල ඉදිරි කටයුතු පිළිබඳව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ජපාන තනාපතිවරයාගේ විශේෂ අවධානය මෙහිදී යොමු විය.

    ජපාන තනාපති සමඟ ජයිකා ආයතනයේ නියෝජිත පිරිසක් සහ අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya