මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ නාවික අභ්‍යාසය - 2023 (CONEX - 23) සාර්ථකව අවසන්

    පෙබරවාරි 15, 2023

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පස්වන වරටත් සංවිධානය කරනු ලැබූ 'කොළඹ නාවික අභ්‍යාසය - 2023' (Colombo Naval Exercise - CONEX 23) කොළඹ වරාය පරිශ්‍රයේදී සහ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී 2023 පෙබරවාරි මස 06 වන දින සිට 12 වන දක්වා සාර්ථකව පැවැත්වුනු අතර, එහි අවසන් අභ්‍යාසය අධීක්‍ෂණය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ සිට සිදු කෙරිණි.

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්ය හා කර්තව්‍ය ඉතා කාර්යක්‍ෂමව ඉටු කරමින් ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපය ඔස්සේ සිදුවන සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග මැඩ පවත්වා ස්ථායී සාගර කලාපයක් නිර්මාණය කිරීම සඳහා නාවික හමුදා නෞකා බලඇණියේ මෙහෙයුම් සූදානම සහ කාර්යක්ෂමතාවය අපේක්ෂිත මට්ටමට පවත්වා ගැනීමත්, ඉදිරියේදී නාවික හමුදා නෞකාවන් කලාපීය හා කලාපීය නොවන නාවික හමුදාවන් හා එක්ව සිදු කරනු ලබන නාවික අභ්‍යාසයන් සඳහා සහභාගී වීමට අවශ්‍ය දැනුම හා කුසලතා වර්ධනය කිරීමත්, ශ්‍රී ලංකාවට අයත් සෙවිම් සහ මුදවා ගැනීම් කලාපයේ සිදු කරනු ලබන සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම් හා නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා එක්ව සිදු කිරීමේදී අවශ්‍ය අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමත්, නාවික හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 'කොළඹ නාවික අභ්‍යාසය' මඟින් අපේක්ෂා කෙරේ.


    නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ පැවති මෙම නාවික අභ්‍යාසයේ දී වෙඩි තැබීමේ අභ්‍යාස (GUNEX), සෙවීම් හා මුදවා ගැනීම් අභ්‍යාස (SAREX), Screen Exercise (SCREENEX), Encounter Exercise (ENCOUNTEREX), සතුරු යාත්‍රා ලුහුබැඳීමේ අභ්‍යාස (TRACKEX), නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව සඳහා සහ නෞකා ඇඳගෙන යාම සඳහා සූදානම් වීම (Replenishment at Sea – RAS/ Towing Approaches), මුහුදේදී නෞකා වෙත ඉන්ධන ලබා දීම (Astern Fuelling), නෞකා යාත්‍රා කරමින් තිබියදී එම නෞකා පරික්‍ෂා කිරීම සඳහා සිදු කරනු ලබන නෞකා හා යාත්‍රා වෙත ප්‍රවිශ්ඨ වීම සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස (Visit Board Search & Seizure - VBSS), නෞකා සංග්‍රාමික පෙළ හැඩ ගුවනේ සිට ඡායාරූප ගැනීම (PHOTOEX), නෞකාවන් මතට හෙලිකොප්ටර් යානාවන් ගොඩබැස්සවීම (Deck Landing), ගුවනින් නෞකා වෙත සැපයුම් ලබාදීම (VERTREP), නෞකා නැංගුරම් ලෑමේ අභ්‍යාස ඇතුළු නාවික අභ්‍යාසයන් රැසක් සිදු කල අතර, ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412, බෙල් 212, එම්අයි 17, Y12/B 200 වර්ගයේ හෙලිකොප්ටර් සහ ගුවන් යානාද එක් විය. තවද, මෙම නාවික අභ්‍යාසයේ අවසන් දින අධීක්‍ෂණය සඳහා පැමිණි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත අභ්‍යාසයට සහභාගී වූ නෞකා සහ යාත්‍රා පෙළ මඟින් ආචාරය පිරිනැමීමෙන් (Cheer Ship) අනතුරුව කොළඹ නාවික අභ්‍යාසය - 2023 සාර්ථකව නිමාවට පත්විය.

    ඒ අනුව, කොළඹ නාවික අභ්‍යාසය - 2023 හි සැළසුම් කළ අදියරයන් නාවික දියත් විධානයේ මෙහෙයවීමෙන් ඉතා සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, එහි සමාප්තිය ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව මතදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

    මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා මහතා, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් පූජිත විතාන මහතා, කොමදෝරු මුහුදු පුහුණු කොමදෝරු නිමල් රණසිංහ මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගීවී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya