මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් දුම්රිය ආසන වෙන් කර ගැනීමට අවස්ථාව උදාවෙයි

    පෙබරවාරි 15, 2023

    මෙතෙක් මාකුඹුර දුම්රිය ස්ථානයෙන් පමණක් ක්‍රියාත්මක වූ කැළණි මිටියාවතේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම නුගේගොඩ දුම්රිය ස්ථානයේ දී ලබාදීම ඊයේ ( (14) දින නිල වශයෙන් ආරම්භ විය.

    ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරුණු මෙම ආසන වෙන් කරවා ගැනීමේ සේවාව ආරම්භ කරමින් එහි පළමු ප්‍රවේශ පත්‍රය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මිලදී ගන්නා ලදී.

    මෙම නව සේවාව මඟින් මෙරට ඕනෑම දුම්රිය මාර්ගයකට අදාළ ආසන නුගේගොඩ දුම්රිය ස්ථානය මගින්ද වෙන්කරවා ගැනීමේ හැකියාව මගීන්ට හිමිවනු ඇත.

    දෛනිකව විශාල මගීන් පිරිසක් භාවිතා කරන නුගේගොඩ දුම්රිය ස්ථානයට මෙම ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම හිමිවීමත් සමග කොළඹ කොටුව, මරදාන වැනි ප්‍රධාන දුම්රිය ස්ථාන වලදී ආසන වෙන්කරවා ගැනීමේ දී පවතින තදබදය මගහරවා ගැනීමේ හැකියාව ඇතිවේ.

    එමෙන්ම සීතාවක පුරවරයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය උදෙසා ආරම්භ කරන ලද " සීතාවක ඔඩෙසි සංචාරක දුම්රිය " එළඹෙන පෙබරවාරි මස 26 වැනි දින සිට ගමන් ඇරඹීමට නියමිත වන අතර ඒ සදහා වන ප්‍රවේශ පත්‍ර ද නුගේගොඩ දුම්රිය ස්ථානය ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථාන වලින් වෙන් කරවා ගැනීමේ පහසුකම මේ සමග හිමිවේ. ඊට අමතරව මාර්ගගත ක්‍රමයට අනුව ද එම ආසන වෙන් කර ගැනීමේ පහසුව පවතී.
    දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වී. එස් පොල්වත්තගේ මහතා, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya