මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්දය නොපැවැත්වීමේ අදහසක් රජයට නැහැ - කැබිනට් ප්‍රකාශක

    පෙබරවාරි 14, 2023

    මැතිවරණ නොපැවැත්වීමේ අදහසක් රජයට නොමැති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළේ, මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු විසින් මැතිවරණය පවත්වන්නේ ද යනුවෙන් නඟන ලද පැනයකට පිළිතුරු වශයෙනි.

    මීට පෙර ආණ්ඩු විසින් කර ඇත්තේ දේශීයව සහ විදේශීය වශයෙන් ණය ලබා ගැනීමෙන් සහ මුදල් අච්චු ගැසීමෙන් බවත්, නමුත් මෙරට වර්තමානයේ පවතින අර්බුදකාරී තත්ත්වය නිසා ණය පැහැර හැරීම හේතුකොටගෙන තවදුරටත් විදේශීය ණය ලබා ගැනීමට ද නොහැකි වී තිබෙන බැවින් යම්තරමකට හෝ අර්බුදය සමනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදු කරන ලද සාකච්ඡා වලින් අනතුරුව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ලබා දී ඇති උපදෙස් නිසා එවැනි මුදල් අච්චු ගැසීම වැනි ක්‍රියාමාර්ග ගත නොහැකි බවට අමාත්‍යවරයා විසින් අවධාරණය කළේය.

    එමෙන්ම, භාණ්ඩාගාරය එදිනෙදා වියදම් පියවාගැනීමට විශාල වෙහෙසක් ගැනීමට සිදු වන ආකාරයේ මුල්‍ය ගැටළුවකට මුහුණ දී තිබෙන අතරම මෙරට සෑම ක්ෂේත්‍රයකම සිදු වන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සියල්ල අඩපණව තිබෙන මොහොතක් උද්ගතව තිබෙන බව ද හෙතෙම පැවසීය.

    තවද, රට තුළ පවත්නා ගැටලුව දේශපාලන ගැටළුවක් නොව ලංකා ආණ්ඩු මඟින් අනිකුත් රාජ්‍යයන් සමඟ ඇතිකරගත් ගිවිසුම්, ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකිරීම නිසා ඇති වූ ප්‍රතිඵලයක් බවත්, එම ප්‍රතිඵලයට රටක් වශයෙන් මුහුණ දෙනවා මිස දේශපාලනමය වශයෙන් කිසිඳු විසඳුමක් නොමැති බව ද හෙතෙම පැවසීය.

    ඒ අනුව, මැතිවරණ කිසිවක් නොපැවැත්වීමට බලාපොරොත්තුවක් නොමැති බවත්, මුදල් තත්ත්වය පිලිබඳ භාණ්ඩාගාරයට භාණ්ඩාගාරය භාර ලේකම්වරයා විසින් පවත්නා තත්ත්වයේ තිබෙන බරපතලකම පිළිබඳව දැනුම් දී අධිකරණයට ද කරුණු ඉදිරිපත් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya