මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පොදු පොහොර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙළක්

    පෙබරවාරි 14, 2023

    වගා කටයුතුවලට රසායනික හා කාබනික පොහොර යොදා ගැනීමේ දී ජාතික පොදු පොහොර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව ඊයේ (13) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.

    ජනාධිපති ආහාර සුරක්ෂිතතා කමිටුවේ යෝජනාවක් පරිදි මෙම රාජ්‍ය ජාතික පොදු පොහොර ප්‍රතිපත්තිය සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා 35ක් මෙම සාකච්ඡාවේ දී එම කමිටුව ඉදිරිපත් කරනු ලැබීය.

    විශේෂයෙන් මෙම වසරේ යල කන්නය තුළ මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට නොහැකි නිසා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වශයෙන් යෝජනා ක්‍රියාත්මක කිරීමටත්, මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමටත් මෙම සාකච්ඡාවේ දී තීරණය විය.

    කෙසේ වුවත් රාජ්‍ය පොහොර ප්‍රතිපත්තියක් සැකසීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශිත පොහොර නිෂ්පාදන සඳහා පමණක් අනුමැතිය ලබා දීමට පියවර ගත යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම වී වගාවේ දී රසායනික පොහොර මෙන්ම කාබනික පොහොර යෙදිය යුතු ප්‍රතිශතය පිළිබඳ පැහැදිළි නිර්වචනයක් කෘෂි විශේෂඥයින් ඉදිරිපත් කළ යුතු බවත්, එම ප්‍රතිශතය අනුව රටට අවශ්‍ය කාබනික පොහොර හා රසායනික පොහොර ප්‍රමාණයන් පිළිබඳව තීරණය කළ හැකි බව ද මෙහිදී අවධාරණය විය.

    කෙසේ වුවත් මෙරට ගොවි ජනතාවට පහසුවන පරිදි පොහොර සැපයීමේ ක්‍රියාදාමය සැකසිය යුතු බව පැවසූ අමාත්‍යවරයා ගොවි නිෂ්පාදන සඳහා ද සාධාරණ මිලක් ලබා දීම සම්බන්ධව ද අවධානය යොමු කරන ලෙස ආහාර සුරක්ෂිතතා කමිටුවට දැනුම් දුන්නේය.

    කාබනික හා රසායනික පොහොර දෙවර්ගයේම ප්‍රමිතිය සහතික කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු විය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙහිදී අදහස් පළ කළ ආචාර්ය සුරේන් බටගොඩ මහතා මෙරට පොහොර වෙළෙඳපොල යනු රුපියල් බිලියන 150ක වෙළෙදපොළක් බවත් එමනිසා පොහොර නිෂ්පාදන හා බෙදාහැරීමේ දේශීය සමාගම් ආරක්ෂා කර ගැනීමටත් පියවර ගත යුතු බව අවධාරණය කළේය.

    මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ, ජනාධිපති ආහාර සුරක්ෂිතතා කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ, කෘෂිකාර්මික සංවර්ධනය පිළිබඳ උනන්දුවක් දක්වන විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, රසායනික හා කාබනික පොහොර නිෂ්පාදන සමාගම් ඇතුලු පිරිසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya