මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යංශ ලේකම්ගේ ව්‍යාජ අත්සන යොදාගෙන නෙදර්ලන්ත රැකියා ජාවාරමක් - ජාවාරම් කරුවන්ට අහුවෙන්න එපා

    පෙබරවාරි 13, 2023

    අමාත්‍යංශ ලේකම්ගේ ව්‍යාජ අත්සන යොදාගෙන නෙදර්ලන්ත රැකියා ජාවාරමක් - ජාවාරම් කරුවන්ට අහුවෙන්න එපා - විදේශ රැකියා අමාත්‍යංශය ජනතාවට අනතුරු අඟවයි

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය හරහා නෙදර්ලන්තයේ රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් අමාත්‍යංශ ලේකම්වරයාගේ ව්‍යාජ අත්සනක් හා අමාත්‍යංශ ලිපි ශීර්ෂයක් භාවිතා කරමින් මුදල් එක්රැස් කරන ජාවාරම්කරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත්, එම ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කරයි.

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය මඟින් සිදු කෙරෙන කිසිඳු පුද්ගලයෙකු විදේශ රැකියා සඳහා යොමු නොකෙරෙන බව ද, රැකියා සඳහා විදේශගත කිරීම් සිදු කරනු ලබන්නේ නිත්‍යානුකුල ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන විසින් පමණක් බව ද අමාත්‍යංශය වැඩිදුරටත් අවධාරණය කරයි. කිසිඳු පුද්ගලයෙකු විදේශ රැකියාවක් සඳහා යොමු කරන බවට අමාත්‍යංශ ලේකම්වරයා සිය අත්සනින් යුතුව කිසිඳු ලිපියක් නිකුත් කර නොමැති බව ද අමාත්‍යංශය අවධාරණය කරයි.

    මෙසේ සිය ව්‍යාජ අත්සනක් යොදාගෙන විදේශ රැකියා සඳහා යවන බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් එක්රැස් කරන ජාවාරම්කරුවන් සොයා පරීක්ෂණ පවත්වන ලෙසට අමාත්‍යංශ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද යොමුකර තිබේ.

    විදේශ රැකියාවලට යොමුවීමේ දී අදාළ රැකියා නියෝජිත ආයතනය නීත්‍යනුකුලව ලියාපදිංචි කර ඇති විදේශ රැකියා නියෝජිත ආයතනයක් ද නැති ද යන්න විදේශ රැකියා නියුක්ති කාර්යාංශයෙන් විමසා තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් විදේශ රැකියාවලට යොමුවන ලෙස ද අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලයි

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya