මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවීමට ඇති හිඟ බදු මුදල් අයකර ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් වෙනම කණ්ඩායමක්

    පෙබරවාරි 13, 2023

    දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට අයවීමට ඇති හිඟ මුදල් අයකර ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් වෙනම කණ්ඩායමක් පත් කර ඇති බවත්, මාධ්‍ය වාර්තා වල සඳහන් ආකාරයට රුපියල් බිලියන 200 කට වැඩි හිඟ මුදලක් අයවීමට ඇතත් එම මුදල වසර 30 පමණ කාලයක සිට එකතු වූ මුදල් බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, දෙහිඕවිට ප්‍රදේශයේ (පෙබරවාරි12)පැවති ක්‍රීඩා වැඩසටහනක් අතරතුර මාධ්‍යවේදීන් විසින්  පළවූ ප්‍රවෘත්ති කිහිපයක් සම්බන්ධව නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.

    මුදල් අමාත්‍යාංශය මුදල් ලබා නොදීම හේතුවෙන් අමාත්‍යාංශ කිහිපයක් අර්බුද වලට මුහුණ පෑම සම්බන්ධයෙන්ද එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ, රටම අර්බුදයකට මුහුණ පා
    සිටින අවස්ථාවක එවැනි දේ සිදු විය හැකි බවත්, නියමිත අනුපිළිවෙළක් අනුව අත්‍යාවශ්‍ය කටයුතු සඳහා වියදම් කරන බවත්ය.

    වාහන ආනයන සීමා පනවා තිබියදී, මුදල් අමාත්‍යාංශය විසින් රුපියල් කෝටි සියය ඉක්මවා වාහන ආනයනය කර තිබීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ එම වාහන ගෙන්වා ඇත්තේ 2021 වසරේදී බවත්, වතුර බවුසර් සහ ගිලන් රථ ආදිය ගෙන්වා ඇතත් කිසිදු සුඛෝපභෝගී වාහනයක් ගෙන්වා නොමැති බවත්ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya