මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

    පෙබරවාරි 10, 2023

    75 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව කොළඹ 07 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ පැවැත්වෙන “ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09) පස්වරුවේ එක් විය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සංවිධානය කළ “ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාර්න්පේල් (Poj Harnpol) මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වනදා ආරම්භ කෙරිණි.

    මෙරට අභිමානය විදහා දැක්වෙන අයුරින් නවක හා දක්ෂ චිත්‍ර ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම චිත්‍ර ප්‍රදර්ශනය ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්. එස් සරත් මහතා විසින් සංවිධානය කර තිබේ.


    “ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්. එස් සරත් මහතා කියා සිටියේ බලාපොරොත්තු වූ පරිදි රට පුරා තරුණ මෙන්ම වැඩිහිටි චිත්‍ර ශිල්පීන් විශාල සංඛ්‍යාවක් මෙම චිත්‍ර ප්‍රදර්ශනය සඳහා චිත්‍ර යොමු කළ බවත්, අරගලයේ සිටි තරුණ තරුණියන් ද ඒ අතර වන බවයි.


    චිත්‍ර ප්‍රදර්ශනය නැරඹූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදර්ශනයට සහභාගී වූ චිත්‍ර ශිල්පීන් සමඟ සුහද කථා බහකට ද එක් විය.


    වසර 03කට වරක්වත් මෙවැනි චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිධානය කරන ලෙස මෙහිදී ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී අතර වසර තුනකට වරක් නොව, වසරකට වරක් මෙවන් සාර්ථක චිත්‍ර ප්‍රදර්ශනයක් සංචාරක කර්මාන්තය ද ඉලක්ක කර ගනිමින් සංවිධානය කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.


    ජනාධිපතිවරයාගේ රුව සහිත ආලේඛ්‍ය චිත්‍රයක් ඇතුළු චිත්‍ර කිහිපයක් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද සිදු විය. “ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය අදින් අවසන් කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya