මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට ගොඩගැනීමට සර්ව පාර්ෂික එකඟතාවක් ඇති කර ගත යුතුයි - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    පෙබරවාරි 10, 2023

    රට අන්තිමට වැටිලා තියෙද්දී සියලු දෙනා එක්ව,රට ගොඩ ගැනීම සඳහා සර්ව පාර්ෂික එකඟතාවක් ඇති කර ගත යුතු බවත් ඒ සඳහා වන යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කළ බව ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දෙවැනි දින (10) විවාදයේ අඳහස් දක්වමිනි.

    1970 සිට ඉතිහාසය පුරාම ණයට ගෙනත් අපි කාලා තියෙන්නේ, ඉතිහාසය පුරාම මේ රටේ ආදායමට වඩා වියදම වැඩියි, පසුගිය වසර 53ක් දිගටම ගෙවුම් ශේෂයේ හිඟයක් තිබෙනවා.

    දේශපාලකයන්ට මහ බැංකුවට කඩා වැදී සල්ලි අච්චු ගහලා පොලී අනුපාතය තීරණය කරන්න පුලුවන්දැයි ප්‍රශ්න කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාතය තීරණය කළා කියා අපේ ගෙවල් ගිනි තියලා හරි යනවදැයි පැවසීය. මේ ඉගෙන ගත්තු මිනිස්සු උද්ඝෝෂණය කරල කියනවා මහ බැංකු පොළී අනුපාතය අඩු කරන්න කියලා. රටක් දියුණු වෙන්න නම් පොළී අනුපාතය තනි ඉලක්කමේ වෙන්න ඕන. අද පොළී අනුපාතය 27% හෝ 30%යි.මේ සියල්ල කරන්නේ පාර්ලිමේන්තුවද? ප්‍රතිපත්ති පොළී අනුපාතය තිරණය කිරීමේදී දේශපාලක්ඥයින් මැදිහත් වෙන් නැහැ. දේශපාලන පක්ෂයට බැහැ මහ බැංකුවට නියෝග කරන්න. මහබැංකුවට කරන්න පුළුවන් දේවල් ආණ්ඩුවට කරන්න පුළුවන් යැයි ගමට ගිහින් මිනිස්සුන්ට කියනවා බව කී අමාත්‍යවරයා, මහ බැංකුවේ පොලී අනුපාතය පහත හෙළන්නැයි කියමින් ඉගෙනගත් මිනිස්සුන් ද පෙළපාළි යන බව කීය. දේශපාලකයන්ට මහ බැංකුවට කඩා වැදී සල්ලි අච්චු ගහලා පොලී අනුපාතය තීරණය කරන්න පුලුවන්දැයි ප්‍රශ්න කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාතය තීරණය කළා කියා අපේ ගෙවල් ගිනි තියලා හරි යනවදැයි පැවසීය.

     මේ සම්බන්ධයෙන් මහ ජනතාවට බොරු පැවසීම අපරාධයක්, අද ඇත්ත කතා කරන්නේ නැතිව මිනිස්සු කුලප්පු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya