මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සහ ඕමානය - මිනිස් ජාවාරම මැඩලීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා

    පෙබරවාරි 10, 2023

    ශ්‍රී ලංකාව සහ ඕමානය අතර සිදුවන්නා වූ මිනිස් ජාවාරම මැඩලීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊයේ (10) ඕමානයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ මානව ජාවාරම් මර්දනය පිළිබද කමිටුවේ සභාපති සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබද ලේකම් Al Sheikh Al Khaleefa Bin Ali Easa Al Harshi හමුවිය.

    අමාත්‍යවරයාගේ සිය සිව් දින ඕමාන නිල සංචාරයේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ දැනට ක්‍රියාත්මක මිනිස් ජාවාරම මැඩලීමට ගත හැකි උපරිම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමයි.

    ඒ අනුව සිය සිව් දින නිල සංචාරයේ පළමු කාර්යය වශයෙන් මිනිස් ජාවාරම මැඩලීම සඳහා දෙරටට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කරන ලදි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya