මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට තම උපරිම සහයෝගය ලබාදෙනවා - පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති

    පෙබරවාරි 10, 2023

    ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට තම උපරිම සහයෝගය ලබා දෙන බවට පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරල් සහීර් ෂම්ෂාඩ් මිර්සා (Sahir Shamshad Mirza, NI)මහතා පැවසීය.

    ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත පාකිස්ථාන ජෙනරල්වරයා ,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ ඊයේ(09) පැවති හමුවකදී මේ බව සඳහන් කළේය.

    ශ්‍රී ලංකා හමුදා ගුවන් යානාවල සේවා හැකියාව පිළිබඳ මෙහිදී සාකච්ඡාකර ඇති අතර ගුවන් පහසුකම ශක්තිමත් කිරීම සඳහා පාකිස්ථාන රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ඔහු ප්‍රතිඥා දුන්නේය.

    දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සිහිපත් කරමින් ඉහළ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා සැසියේදී අන්‍යෝන්‍ය සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡා කරන ලදී.

    ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට පාකිස්ථානයේ පුහුණු අවස්ථා සහ පහසුකම් පුළුල් ලෙස ලබා දීම පිළිබඳව ජෙනරල් සිල්වා පාකිස්ථාන ජෙනරල්වරයා වෙත සිය කෘතඥතාව පළ කළ අතර හමුදා අභ්‍යාස තුළින් සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද සඳහන් කළේය.

    නැව් තැනීම සහ එම ක්ෂේත්‍රයට අදාල අනෙකුත් පහසුකම් පිළිබඳවද මෙම ඵලදායි ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී අවධානය යොමුවිය.මේ අතර, ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පාකිස්ථානයේ හිටපු ජනාධිපති, ජෙනරල් පර්වේස් මුෂාරෆ්ගේ අභාවය සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කළේය. මෙම හමුව සනිටුහන් කරමින් ඉහළ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya